මිනී එම්බාම් කරන අවුරුදු දහ අටවන (18) වන වියේ පසුවන සුන්දර යුවතියගේ කතාන්දරය සුන්දර යුවතියක් මෙන් සුන්දර නොවේ. ඇයගේ අම්මාද, තාත්තාද රැකියාවට සිදු කරන්නේ මළ මිනි එම්බාම් කිරීමයි.
මේ පවුලේ අම්මා තාත්තා දුව සියලුම දෙනාම සිදුකරන්නේ මළ මිනි එම්බාම් කිරීමයි. මළ මිනී එම්බාම් කරන පවුලක කතාන්දරය නොමළ කතාවකි.
රටටම නොව ලොවටම ආදර්ශයකි. සමාජයට අලුත් පාඩමක් පවසන අන්දරයකි.සුන්දර යුවතියක් මළ මිනි එම්බාම් කරන පුවත සොයා අප ගියේ ගාල්ල, පරගොඩ ගම්මානයටය.
මළ මනී එම්බාම් කරන අපේ කතාන්දරයේ කතා නායිකාව වයස 18ක් පමණ වු කේ.එල් භාග්‍ය වීරසිංහ නම් වූවාය.
ඇයගේ අම්මා ඩී.එල් නිලන්ති වීරසිංහ මහත්මිය (40) ඇයද මළ මිනි එම්බාම් කරන්නීය.
නිලන්තිගේ සැමියා නැතිනම් භාග්‍යයාගේ තාත්තාද පාරම්පරික මල් ශාලාවන් පවත්වාගෙන ආ පරපුරක අයෙකි. හෙතෙම,අනුෂ ප්‍රියන්ත වීරසිංහයි. ඔහු (41) වන වියේ පසුවේ. වීරසිංහ පුරපුරේ සියා සියාගේ තාත්තාද වීරසිංහ මහතාගේ තාත්තාද මල් ශාලා පවත්වාගෙන ආ පරපුරක පිරිසකි. වසර 150 කට ආසන්න ඉතිහාසයක් මේ පරපුරට හිමි බව අනුෂ ප්‍රියන්ත වීරසිංහ මහතා පවසයි.
තාත්තා අම්මා දුව මේ රාකාරි ඉටු කරන්නේය. අප බලා සිටින්නෙමු. ඇය ඉතා ඉවසිලිවන්තව සිය රාජකාරිය ඉටුකරන්නීය.කිසිදු චකිතයක්, බියක් සැකක් නැත.
නමුත් බලා සිටින අපට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි හැගීමකි. ඇය කරන දේ අපට කිසිදා කළ හැකිවනු ඇතැයි කියා නම් සිතිය නොහැකිය.නව යොවුන් තරුණයෙකි. ඇය ඒ රැකියාවේ යෙදි සිටින්නීය.එය එවැනි යෞවනියක නිරතවන සම්මත ආකාරයේ රැකියාවක් නොවේ. ඇය දිරිය දියණියකි. මේ අම්මා ද දිරිය මාතාවකි.
ගාල්ලේ පරගොඩ මල් ශාලාවක් පවත්වාගෙන යන මේ පිරිස සත්තකින්ම පවුලේ උදවිය පමණක් මෙම රස්සාව මේ මල් ශාලාවේ සිදු කරති.ස්වාමියාගේ සහායට පැමිණි බිරිද, හා දුවද දැන් මිනී එම්බාම් කරයි.
කේ.එල් භාග්‍ය වීරසිංහ (18) ඇය මෙසේ පැවසන්නී.
''මම තරුණයි උනාට මට මේ රස්සාව හොඳයි.තාත්තා අම්මාත් මට උපකාර කරනවා.මමත් ඉහළ අධ්‍යපනය ලැබුවා. නමුත්, මම කැමැතියි මේ අපේ පරපුරේ රස්සාව සිදුකරන්න මළ මිනිසුන් එක්ක ගුණුදෙනු කරන්න පහසුයි. ජීවත්වෙලා සිටින මිනිසුන්ට වඩා මියදුණු මිනිසුන් එක්ක ගණුදෙණු කරන්න හැකියි. මියදුනේ කාන්තාවක්ද පිරිමියෙක්ද අපට අදාළ නෑ. අපි අපේ රාජකාරිය සිදුකරනවා. තාත්තා තමයි නායකත්වය ගන්නේ. අම්මා එක්ක මමත් තාත්තට සහයෝගය දෙනවා. මළ මිනි මල්ශාලාවට අරගෙන එන්නේ අම්මයි මමයි. මළ මිනිය කාටත් බලන්න හැකි පරදි සකස් කරලා රූපලාව්‍යකරණය කරලා පියකරු ආකාරයට සකස් කරන් හැකියාවක් තිබිය යුතුයි. අවලස්සන මළ මිනිය අපි කටත් බලන්න හැකි පරිදි ලස්සන කරනවා. පැය තුනක් හතරක් ගතවෙනවා. සමහර මළ මිනි මරන කාරයා ජීවත්ව සිටියාට වැඩිය ලස්සනට අපි මිනිය හැඩ කරලා බලන්න දැකින්න ආසා ඇති වෙන හැටියට සකස් කරනවා. දුගියාද පොහොසතා ද අපට වගක් නෑ. ලිංග බේද වයස තරාතිරම වැඩක් නෑ. අපි මේ රස්සාව උපරිම ආකාරයට සිදුකරනවා. එක තමයි අපේ පරපුරා තුනක් හතරක් මේ රස්සාව මේ ප්‍රදේශයේ කරගෙන යන්නට හැකියාව අපට තියෙන්නේ.මම මේ රස්සාවම තමයි ඉදිරියටත් කරගෙන යන්නේ. මම තරුණියක් වැඩි දෙනෙක් මම මේ කරන දේට කැමැති නැතිවුණත් මට නම් ගාණක් නැහැ. මේක මගේ රස්සාව...''
මේ තරුණිය තෝරාගත් මේ රැකියාව තරුණියක කිසිදිනක කැමැත්තක් දක්වන රැකියාවක් නොවේ. වැඩිහිටියකු පවා එවැනි රැකියාවකට යොමුවන්නේ කලාතුරකිනි.
නමුත් භාග්‍යයාට නම් එහි ප්‍රශ්ණයක් නැත.මම මේ රස්සාවට පුරුදු උනේ වයස අවුරුදු 13 ඉදලා ඇය කියනීය.
''තාත්තා සමඟ මේ වැඬේ බලාගෙන ඉන්න මම දැඩි කැමැත්තක් දැක්වූවා. ඇතැම් දවස්වල පාසල් නොගිහින් තාත්තාට උදව් කළා. ඒක ලොකු දෙයක් නොවෙයි. පෙට්ටිය හදද්දී උදව් කළා. තාත්තා මට විරෝධතාවක් දැක්වූයේ නැහැ'' ඇය පවසන්නීය.
අනුෂ ප්‍රියන්ත වීරසිංහ (41) මෙසේ පැවසීය.
''සියලා තාත්තලා මිනි එම්බාම්කරන හැටි මම කුඩා කාලයේ සිටම බලාගෙන සිටියා. මම මළ සිරුරු එම්බාම් කරන්න පටන් ගත්තේ, වයස අවුරුදු 12 විතර තමයි.තම දුව තමන් අසල දැවටෙමින් පුංචි පුංචි උදව් කරමින් සිටියදී මේ ශිල්පය ද ඔහු ඉබේම ඉගෙනගත් බවයි.බිරිදටද මේ රස්සාව කරන්න හැකි නිසා අපි පවුල් සංස්ථාවක් වශයෙන් සේවාව සපයනවා. කිසිදු පිට අයෙක් අපි මල් ශාලාවට සම්බන්ධ නෑ. මළ මනිය රැගෙන එන්නෙත් මළ මිනිය සකස්කර දේහය මිනී පෙට්ටියද අදාළ නිවසට ආදාහනාගාරයට රැගෙන යන්නේ අපි යි. දුව මගේ බිරිද නැති නම් මම මේවා සිදු කරනවා. වැඩ දෙක තුනක් ආපහම මම හරි දුව හරි මගේ බිරිද හරි තමයි මළ මිනිය අරගෙන එන්නේ තනියම ගිහින්. රෝහලෙන් පවා මළ මිනි තනියම අරගෙන එනවා අපිට මළ මිනි එක්ක සිටින විට බය නෑ මටත් දුවටත් මගේ බිරිදත් බය වෙලා නෑ. මොකටද මහත්තයා බය වෙන්නේ....'' අනුෂ තාත්තා කි කතාන්දරය බිරිද දුවද අනුමත කළාය.
භාග්‍ය පවසන්නේ,
''අපි කරන මේ රස්සාව කාටවත් යටත් නැති හැමෝටම උවමනාවන සේවයක්. ඒ නිසා මා හිතනවා එය ඉතා වැදගත් කියලා. මට තනියම උනත් මේ රස්සාව කරගෙන යන්න හැකියි. ඒ සාත්තරය සූත්තර තාත්තා මට උගන්වා තියනවා.මගෙන් පසු මේ රස්සාව කරගෙන යන්න දුවට බිරිදට කිසිදු ගැටලූවක් වෙන්නේ නැහැ. එයාලටත් පුළුවන් වේවි මේ රස්සාව දැන් වාගේම කරගෙන යන්න.අනුෂ තාත්ති පවසයි. දූලයි අම්මා පවසන්නේ ද තම දියණිය මිනී එම්බාම් කිරීමට යොමුවීම සම්බන්ධයෙන් තමන්ගේ ද කිසිදු අකමැත්තක් නොමැති බවයි.''
භාග්‍ය තරුණ දියණිය මිනී එම්බාම් කිරීමේ කටයුතු ආරම්භ කළ ආකාරය පිළිබද සිහිපත් කරන්නේ මේ ආකාරයෙනි.
''තාත්තා මිනී එම්බාම් කරන හැටි මම හොඳින් බලාගෙන ඉඳලා තමයි මේ වැඬේ කරන්න පුරුදුවුණේ. මම මුලින්ම මිනියක් එම්බාම් කළේ පාසලේ ඉන්න කාලෙදී. එතකොට මට වයස අවුරුදු 13ක් වුණෙත් නැහැ. මුලින්ම එම්බාම් පුංචි භයක් ඇති උනා.පස්සේ ඒක මඟ හැරුණා. අම්මාත් ලඟ සිටන නිසා එය ඉබේටම මඟ හැරුණා. එදා මුලින් පොඩි බයක් දැණුනා. නමුත් ටික වෙලාවක් යනකොට ඒ බය නැතිවෙලා ගියා. එදා තාත්තා මගේ ළගින් හිටියත් මට උදව් කළේ නැහැ. සම්පූර්ණ එම්බාම් එකම කළේ මම තනියම. සිරුරට අඳුම් අන්දවලා අවශ්‍ය පරිදි සකස් කළා. මට එදා ඒ සිරුර එම්බාම් කරන්න පැය දෙකහමාරක් විතර ගියා. පස්සේ මම තනියම වැඩ කරගෙන ගියා. එහෙම තමයි මේ රස්සා පුරුදු උනේ ''
තම කටයුතු අතරතුරදී යම් අපහසුතාවකට පත් වූ හෝ අත්වැරදීමක් සිදුවූ අවස්ථාවක් ඇත් ද යන්නත් අපි ඇයගෙන් විමසුවෙමු.
''අත්වැරදීම් නම් වෙලා නෑ. එම්බාම් එකක් කරන කොට මුලින්ම කරන්නේ බෙහෙත් ගහන එක. ඒකට දකුණු කකුලේ කලව පලලා බල නහරේ හොයාගන්න ඕනැ. පුරුදුවෙන කාලේ බලනහර හොයන්න ගිහින් බැරිවෙලා තාත්තගෙන් බැනුම් අහලා තියෙනවා. ඒ ඇර වෙන කවදාවත් වැරදීම් වෙලා නෑ. මුළු වැඬේටම පැය දෙකක් විතර යනවා. ඒ මුළු කාලෙම හොඳ අවධානයෙන් කරනවා නම් එතකොට වරදින්නෙ නෑ.ඒක තමයි මේ රස්සාවේ රහස කියලා තාත්තා කියා දී තිබෙනවා. මුලින්ම කරන්නේ මළ සිරුරක් එම්බාම් කිරීමට පෙර සිරුර දිගාකර හොඳින් සේදීමයි. ඉන්පසු දකුණු කලවයේ බලනහරය පලා බෙහෙත් දීම සිදුකරයි. බෙහෙත් යනු පෝමලින්ය.බලනහරයෙන් ෆෝමලින් ඇතුළුකළාම ෆෝමලින් ඉතා ඉක්මණින් ශරීරය පුරාම පැතිර යන බවයි. ෆෝමලින් ඇඟපුරාම ගිය බවට ස්ථිරවීමෙන් පසු කරන්නේ බඩ පැලීමයි.බඩ පලන්න ඇතැම් අය පිහියක් භාවිතා කරනවා. අපි භාවිත කරන්නේ බ්ලේඞ් තලයක්. බඩ පලලා ඇඟ ඇතුළේ තියෙන දේවල් ඉවත් කරනවා.ඉන් පස්සේ, පස්සේ පුළුන් හා රෙදි පුරවලා මිනිය හදනවා. ඊට පස්සේ ඇදුම් අන්දවනවා.එය සිදු කරන්නේ මිය ගිය ඥාතියාගේ කැමැත්ත මතයි. ඒ අයට උවමනා ආකාරයට මළ මිනියට ඇඳුම් අන්ඳනවා.ඇය පවසන්නේ මළ සිරුරකට ඇඳුම් අන්දන්නේ උඩින් පෙනෙන කොටසට පමණක් බවයි. සරම සම්පූර්ණයෙන් ම අන්දවන බවත් සාරියක් නම් උඩ අර්ධය වැසෙන පරිදි පමණක් අන්දවනවා.''
''ධනවතාද දුම්පතාද කියලා වෙනසක් නෑ මළ මිනියට අන්ඳවන මීනි ඇඳුමේ සාක්කුවක් තියන්නේ නෑ ඒකත් රසවත් වු කතාන්දරයක් වෙනවා. මේ කතාන්දරයෙන් මහා විශාල කතාවක් කිය වෙනවා හිතා ගන්න හැකියි ඇය කියන්නීය.මේ ඔක්කොම මිනීනේ. මට කිසිම දෙයක විශේෂත්වයක් නැහැ. මම දැන් මිනී විශාල ගණනක් එම්බාම් කරලා තියෙනවා. ඇතැම් ඒවායේ බේසම් ගණනක් වතුර තිබෙනවා. ඒ වගේ වතුර තිබෙන මිනී එම්බාම් කරන්න හරිම අමාරුයි. එවැනි ප්‍රශ්ණ වල දි තාත්තාගෙන් අම්මාගෙන් උපදෙස් ගන්නවා. දැන් නම් රස්සාව තනියම උනත් කරගෙන යන්න හැකියි ''
සත්තකින්ම සමාජයේ ඇති මතයක් වෙන්නේ එම්බාම් කරන අයකු මිනියක් එම්බාම් කිරීමට පෙර හොඳ පදමට මත්පැන් පානය කරන බවයි. සිරුරු සිය ගණනක් එම්බාම් කිරීමේ අත්දැකීම ලැබූ ඇය පවසන්නේ,
''මම තරුණියක් මමවත් අම්මාවත් කිසිදු දිනක මත්පැන් පානය කර නැති බවයි.මම කවදාවත් බීලා නැහැ. බොන්නෙත් නැහැ. එම්බාම් කරන්න බොන්න ඕනැ කියන කතාව අමූලික බොරුවක්. කට්ටිය කියන්නේ බීලා නැත්නම් මිනී කපන්න බැහැ කියලා. බය වෙනවාලූ. නමුත් මම කවදාවත් බයවෙලා නැහැ'
''අම්මාද මමද කිසි දවසක ජීවිතේ ගැන, කරන රස්සාව ගැන පසුතැවෙන්නේ නැහැ.මං කිසි දවසක ජීවිතේ ගැන, මං කරන රස්සාව ගැන පසුතැවෙන්නේ නැහැ. මම මේ කරන රැකියාව ගැන තෘප්තිමත්. ඒ නිසා ගැහැණියක් විදිහට මේ වගේ රස්සාවක් තෝරා ගත්තේ ඇයි කියන ප‍්‍රශ්නෙට මට කියන්න තියෙන්නේ මම මේ රස්සාව තොර ගත්තේ කරන්න රස්සාවක් නැති නිසා නෙවෙයි මම කැමති නිසා කියන එකයි.''
දුක් සෝ සුසුම් මැද බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින ඇය දිරිය දියණියකි. ඇගේ අම්මා දිරිය මවකි. පියා දිරිය පියෙක් නොවන්නේ ද?
ඇයගේ අම්මා ඩී.එල් නිලන්ති වීරසිංහ මහත්මිය (40) මෙසේ කිවාය.
''මම මේ රස්සාව මළ සිරුරු එම්බාම් කරන්න පටන් ගත්තේ වයස අවුරුදු 18 ඉදලා තමයි.මමත් අනිත් ගැහැණු අය වගේම හිතේ තෙතමනය තියෙන ගැහැණියෙක්.දුවත් තරුණියක් ඇයත් කාන්තාවක්. දුක, සතුට, ආදරය, තරහා මේ හැමදෙයක්ම මටත් දැනෙනවා. හැබැයි වැඩ කරන වෙලාවට මම කිසි දෙකට සැලෙන්නේ නැහැ.රෑ ද දවාලද කෙනෙක් වැඩක් භාර දුන්නත් මම ඒ වැඩේ අනිවාර්යෙන්ම කරනවා. මට ඕන භාරගත්ත වැඩේ හරියට කරන්න. අපි ඉපදුනෙත් තනියම මැරෙන්නෙත් තනියම. ඒක නිසා මැරෙනකම් මම මේ වැඩේ සේවයක් විදිහට කරනවා කියන ප‍්‍රාර්ථනාව විතරයි මට තියෙන්නේ. බයවෙලා මේ වගේ රස්සාවක් කරන්න බැහැ. මම ගෙදර එම්බාම් එකක් කරනවා නම් කරන්නේ අපේ මල් ශාලාවේ ම තමයි. කැමති කෙනෙකුට බලන්න පුළුවන්. ඒ වගේම මිනීය ගෙදරට ගිහින් දෙන වැඩෙත් මම තනියම කරනවා. හර්ස් එකේ මං තනියම ගිහින් මිනිය භාර දෙනවා. යන්න අමාරුම පාරක නම් දුව හරි අපේ මහත්තයා හරි තමයි යන්නේ.''
අවසාන වශයෙන් අපි අපේ කතාන්දරයේ කතා නායිකාව වු කේ.එල් භාග්‍ය වීරසිංහ තරුණිය (18) මෙසේ පවසන්නීය.
''මට ලොකු ලොකු ප‍්‍රාර්ථනා නැහැ.මේ පැත්තේ මළ ගෙයක් වුණොත් මට තමයි ගොඩක් වෙලාවට කියන්නේ. මල ගෙදර අතරමඟදී වුවමනාවක් වුණොත් ඕන වෙලාවක මම ගිහින් ඒ අවශ්‍ය වැඩ කටයුතු කරලා දෙනවා. ඒ හැර අම්මාට තාත්තට උපකාර කිරනවා.මගේ මගේ කියලා මොනම දෙයක්වත් බදාගෙන ජීවත් වෙන්නේ නැහැ. මේ ශරීරය දවසක අපිට නැතිවෙලා යනවා කියලා හොඳින්ම අවබෝධ කරගෙනයි මම ජීවත් වෙන්නේ.ඒක තමයි ඇත්ත කතාව''
සටහන හා ඡායාරූප වීඩියෝ
දර්ශන හබරාදුව නිමල් අල්ගෙවත්ත
