728x90 AdSpace

Latest News
Saturday, 16 January 2021

8 හැවිරිදි දුවට මාමා අතවර කළා කියලා අම්මා කෙනෙක් දැමූ බොරු පැමිණිල්ල අතේ පත්තු වෙයි

නැන්දා ඉදිරිපිටදී මාමා (මවගේ සහෝදරයා) තමාට ලිංගික අතවර කළ බවට පොලිසියට පැවසුවේ මවගේ බල කිරීම හා තර්ජනය කිරීම්වලට බියෙන් බව 8 හැවිරිදි දැරියක් පැමිණිලි විභාගයකදී පැවසුවා යැයි උහන පොලිසිය සඳහන් කළා.
 
තම මවත් තමාගේ මාමා හා නැන්දාත් අතර ඉඩමකට ආරවුලක් තිබෙන නිසා ඒ මාමා හා නැන්දා හිරේ යැවීමට යැයි අම්මා තමාට එසේ කියන ලෙස බල කළ බවද දැරිය පොලිසියට පවසා තිබෙනවා.

බාල වයස්කාර දැරිය කළ මෙම ප්‍රකාශය මත ඇගේ මව 12 වැනිදා අත්අඩංගුවට ගෙන මේ මස 19 වැනිදා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් බැඳුම්කරයක් මත මුදාහැරිය බව උහන පොලිසියේ නිළධාරියෙක් සඳහන් කරනවා.
 
උහන පොලිස් වසමේ පදිංචි 33 හැවිරිදි මවක් ඇගේ 8 හැවිරිදි දියණිය ද කැටුව පොලිසියට පැමිණ තමාගේ අයියා දියණියට ලිංගික අතවර කළ බව පොලිස් නිළධාරින් හමුවේ පැමිණිලි කර තිබෙනවා.
 
පුවක් ගෙඩි අහුලන්න වත්ත පහළට ගිය අවස්ථාවේ දැරියගේ මාමා දැරිය ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් මෙසේ අතවර කළ ආකාරය ගැන දැරියගේ මව පොලිසියට හෙළි කර ඇති බව සඳහන්.
 
ආබාධායකට රෝද පුටුවක සිටින සිය සැමියාට අයියා ගලකින් ගැසුවා යැයි ද ඇය පැවසූ බව පොලිසිය පවසනවා.
 
"අම්මා.. මාමාවයි නැන්දවයි හිරේ දාන්න මම තව මොනවාද කියන්න ඕනෑ..?" යැයි දැරිය මවගෙන් විමසූ අතර මේ විමසීම ගැන උහන පොලිස් ස්ථානාධිපතිවරයාට සැකයක් ඇති වී තිබෙනවා.
 
දැරිය මවගෙන් ඉවතට නිළධාරිනියක ඉදිරියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැරියගෙන් කරුණු විමසා තිබුණා.
 
"අම්මා හා මාමා ඉඩමකට නිතර රණ්ඩු වෙනවා. පොලිසියට ගිහින් කියන්න ඕන විදිහ අම්මා මට කිව්වා. නැන්දා හිරේ දාන්න ඕනෑ නිසා ඒකට මට උදව් කරන්න කියා අම්මා කිව්වා. මම බැහැ කියා කිව්වම අම්මා කිව්වා මාව තනිකර දමා තාත්තත් එක්ක ගෙදරින් යනවා කියලා. ඒ නිසා බයට මම ඒ වගේ දෙයක් කිව්වා. එහෙම කියන්න කියලා අම්මා තර්ජනය කළා..."
 
"අම්මලා මාමා නැන්දා එක්ක තරහා නිසා ඒගෝලලෙන්ගේ ගෙදර මම යන්නෙවත් කතා කරන්නෙවත් නෑ..." යැයිද දැරිය පවසා තිබෙනවා.
 
දියණියට හිරිහැර කරදර නොකරන ලෙස තරයේ අවවාද කර 33 හැවිරිදි කාන්තාව පසුව බැඳුම්කරයක් මත මුදාහැරිය බව පොලිසිය පැවසුවා.
 
ශ්‍රීනාත් ප්‍රයන්න ජයසූරිය විසින් "ලංකාදීප" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: 8 හැවිරිදි දුවට මාමා අතවර කළා කියලා අම්මා කෙනෙක් දැමූ බොරු පැමිණිල්ල අතේ පත්තු වෙයි Rating: 5 Reviewed By: lakmina