728x90 AdSpace

Latest News
Tuesday, 26 January 2021

නැගණිය මධුසමයට යාමට මොහොතකට පෙර, යුවළ ඉදිරිපිට ඇද වැටී නොඑන ගමන් ගිය අයියා කෙනෙකු ගැන, නුගේගොඩ පෙදෙසින් ඇහෙන කඳුළු කතාව

සිය නැඟණිය මධුසමය ගත කිරීම සඳහා යෑමට මොහොතක් තිබියදී සහෝදරයා මංගල යුවළ ඉදිරිපිටදී ඇද වැටී ඊයේ (25දා) මියගොස් ඇතැයි පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා පැවැසීය.
 
මෙලෙස මියගොස් ඇත්තේ කඩවත මහර නුගේගොඩ පදිංචි සිටි සුපිරි වෙළෙඳසළක ගබඩාවක සේවය කරන්නකු වූ ගයාන් අනුරාධ කාරියවසම් (38) තිදරු පියෙකි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මනාලයාගේ පාර්ශ්වය සහ කඩවත ප්‍රදේශයේ පදිංචි මනාලියගේ පාර්ශ්වය අතර මංගල උළෙල පවත්වා ඇත්තේ පිළියන්දල වෑවල ප්‍රදේශයේ හෝටලයක බව හදිසි මරණ පරීක්ෂකවරයා පැවැසීය.
 
දහවල් ආහාරය ගැනීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේ පැමිණි පිරිසෙන් බහුතරයක් දෙනා මංගල යුවළ ඉදිරිපිට සංගීතයට අනුව තාලෙට අත්පුඩි ගහමින් නටමින් විනෝද වෙමින් සිටියදී මියගිය පුද්ගලයා එකවරම මේසයක් මතට ඇද වැටී ඇති අතර වහා ක්‍රියාත්මක වූ මංගල උළෙලට සහභාගි වූ කිහිපදෙනකු විසින් පිළියන්දල දිසා රෝහලට ඔහු රැගෙන එන විටත් මිය ගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
 
මළසිරුර පී.සී.ආර්. පරික්ෂණයෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව හදිසි මරණ පරීක්ෂක විජේසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය. පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් කපිල (27320) මහතා පරීක්ෂණ පවත්වයි.
 
කොළඹ - ජයසිංහ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම"
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: නැගණිය මධුසමයට යාමට මොහොතකට පෙර, යුවළ ඉදිරිපිට ඇද වැටී නොඑන ගමන් ගිය අයියා කෙනෙකු ගැන, නුගේගොඩ පෙදෙසින් ඇහෙන කඳුළු කතාව Rating: 5 Reviewed By: lakmina