728x90 AdSpace

Latest News
Saturday, 16 January 2021

සුරූපීනියට 5000යි, සැලූන් අයිතිකාරයාට 3000යි! - කුරුවිට බාබර් සාප්පුවක් ඇතුළේ, කාටත් හොර රහසේ සිදු කරගෙන ගිය, ගණිකා ජාවාරම මාට්ටු වෙයි

කොරෝනා අසාදිතයින් දිනෙන් දින ඉහළ යද්දි පිටස්තර ප්‍රදේශවලින් තරුණියන් ගෙන්වා ගණිකා වෘත්තිය සඳහා අලෙවි කළ කුරුවිට නගරයේ සැලූන් හිමිකරුවෙකු හා තරුණියන් දෙදෙනෙක් පෙරේදා 13 සවස අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය සඳහන් කළා.
 
තරුණියන් දෙදෙනා මහියංගණය හා නිවිතිගල ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් ඔවුන් අවුරුදු 22 සහ 23 වයස්වල පසුවන බවත් වාර්තා වනවා.

කුරුවිට නගරයේ කොණ්ඩා කපන සැලූන් එකක මේ තරුණියන් දෙදෙනා දහවල් කාලයේ රැඳී සිටින අතර සැලූන් හිමියාට දුරකථන ඇමතුම් දී ඔවුන් වෙන් කරවා ගැනීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා.
 
මේ තොරතුරු අනාවරණය වීමෙන් පසු උපායදූතයින් යොදවා ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙම ගනුදෙනුවෙන් රුපියල් තුන් දහසක් සැලූන් හිමියාටත්, තරුණියකට පන්දාහසකුත් ලැබෙන බවයි අනාවරණය වී ඇත්තේ.
 
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම ලිපිය උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්..
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සුරූපීනියට 5000යි, සැලූන් අයිතිකාරයාට 3000යි! - කුරුවිට බාබර් සාප්පුවක් ඇතුළේ, කාටත් හොර රහසේ සිදු කරගෙන ගිය, ගණිකා ජාවාරම මාට්ටු වෙයි Rating: 5 Reviewed By: lakmina