තමා නිවසේ නැති අවස්ථාවලදී තම රූමත් ළාබාල විවාහක බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත්වූ 20 හැවිරිදි සිසුවකු බව කියන අයකුට එළව එළවා පිහි පහරවල් එල්ල කළ බව කියන සන්නිවේදන කටයුතු පිළිබඳ ඉංජිනේරුවරයකු බව කියන සැකකරුවකු රුපියල් පන්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් ආර්. පී. එම්. චම්පික රාජපක්‍ෂ මහතා (26) නියෝග කළා.
කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවූ 49 හැවිරිදි ඉංජිනේරුවරයා වෙන්නප්පුව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ සංගීත කණ්ඩායක සන්නිවේදන සහ සංගීත කටයුතු භාර ඉංජිනේරුවරයෙක්.
ඔහු කටානේ සිට වෙන්නප්පුවේ සේවයට ගොස් නිවසට පැමිණෙන්නේ සඳුදා අලූයම් කාලයේදීයි.
මොහු මෙම සිද්ධිය වූ දින රාති‍්‍ර 10.00 ට පමණ නිවසට පැමිණ ඇති අතර නිවස තුළින් නැෙඟන කසු කුසුව පිළිබඳව සැකකර නිවසේ දොර අරින ලෙසට තම බිරියට දැනුම්දී තිබෙනවා.
එම අවස්ථාවේ නිවසේ පිටුපස දොරෙන් තරුණයකු පැනයනු දැක ඔහු පසුපස ඉංජිනේරුවරයා හඹාගොස් තිබෙනවා. එහිදී මෙම පිහි ඇනුම සිදු වී ඇති බව පැමිණිල්ලෙන් කියැවෙනවා.
සැකකාර ඉංජිනේරුවා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරාජ් ජයමාන්න මහතා එම සිද්ධියේ සත්‍ය බව කියන තොරතුරු අධිකරණය හමුවේ පැවසුවා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා සැකකරුට ඇප නියම කරනු ලැබුවා.
කටාන පොලිසිය පැමිණිල්ල මෙහෙය වුවා. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරාජ් ජයමාන්න මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය මාර්තු මස 2 වැනිදා පැවැත්වෙනවා.
මීගමුව සමූහ - විමල් කීර්ති
මෙම ලිපියේ උපුටා ගැනීම "දිවයින" පුවත්පතෙන්..
