728x90 AdSpace

Latest News
Tuesday, 19 January 2021

අන්තර්ජාලයෙන් සුරූපිනියන් වික්ක කොට්ටාවේ තවත් සම්බාහනයක් වටලයි

අන්තර්ජාලයේ දැන්වීම් පළකර සුරූපී කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ යෙදුණු කොට්ටාව මාලඹේ පාරේ ස්ථානයක් වටලා කළමනාකාරිය ඇතුළු පස් දෙනකු ඉකුත් 16 වැනිදා අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. සුරූපී කතුන්ගෙන් සැදුම්ලත් සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන්  අන්තර්ජාලයේ ආකර්ෂණීය දැන්වීම් පළකර කාලයක් තිස්සේ  මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  හේමාල් ප්‍රශාන්ත මහතාට ලැබුණු තොරතුරක් අනුව දින කීපයක් තිස්සේ සිදුකළ විමර්ශනවලින් තහවුරු කරගත් තොරතුරු අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.
 
විනාඩි 25ක් සඳහා රුපියල් 3500 ක් හෝ නොඑසේ නම් පැයක් ගත කිරිම සඳහා රුපියල් 5000 මුදලක් අය කරන බව දැන්වීමේ සඳහන්ව ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය. දැන්වීම් සඳහන් ඡායාරූපවලම සිටින කතුන් ලබාදෙන බවත්, තෝරාගත් කාන්තාව ඡායාරූපය පෙන්නා තහවුරු කර ගන්නා

ලෙසත්, පැයකට කලින් දුරකතනයෙන් අමතන ලෙසත් එම දැන්වීමේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.  අත්අඩංගුවට ගත් කාන්තාවන් ගම්පහ, හොරණ, අනුරාධපුරය හා ගාල්ල පදිංචි වයස අවුරුදු 22 සහ 30 අතර පසුවන්නියන් බවත්  පොලිසිය කියයි. මෙම ගණිකා ජාවාරමේ ප්‍රධාන සැකකරු හා ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා දුන්න පුද්ගලයාට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට ගත් කාන්තාවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කොට්ටාව පොලිසියට බාර දී ඇත.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ -
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අන්තර්ජාලයෙන් සුරූපිනියන් වික්ක කොට්ටාවේ තවත් සම්බාහනයක් වටලයි Rating: 5 Reviewed By: lakmina