728x90 AdSpace

Latest News
Monday, 25 January 2021

ණය ගෙවා ගන්න මුදල් නැතැයි සිත් තැවුලින්, පස් හැවිරිදි පුතා බාල්කයේ එල්ලා එක් දරු මව එල්ලී දිවිනසා ගනී

ගන්දර පොලිස් වසමෙහි ගන්දරාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මවක සිය 5 හැවිරිදි එකම පුත‍්‍රයා සමග ගෙල වැලලාගෙන දිවි නසාගෙන ඇතැයි ගන්දර පොලිසිය පවසයි.

ඉකුත් 23දා රාත‍්‍රියෙහි මෙම මව සිය පස් හැවිරිදි දරුවා ගෙල වැලලා ජීවිතක්ෂයට පත් කර, ඇයද දිවි හානි කර ගෙන ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ගන්දර පොලිසිය පැවසීය. මෙසේ මියගොස් ඇත්තේ පස් හැවිරිදි මුණසිංහ විතානගේ සනිදු අභිෂේක සහ එම දරුවාගේ මව වන අන්තෝනි බදුගේ ඔමාලි දිනේෂිකා නමැත්තියයි.

සැමියා මුහුදු රැුකියාවෙහි නිරතව සිටියදී ඇය සිය එකම දරුවා සමග දිවි හානි කර ගෙන ඇති බවද පොලිසිය පැවසීය.

දිවි නසා ගැනීමට පෙර ඇය සිය අත්අකුරෙන් ලියා තැබූ ලිපියක සඳහන් කර තිබෙන්නේ දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන බවත්, ණය තුරුස් ගෙවා දැමීමට තමාට මුදල් නොමැති බැවින් තම දරුවා සමග මෙවැනි තීරණයකට එලැඹි බවත්ය. එක් අවස්ථාවක විදෙස්ගත වීම සඳහා තම මවගෙන් මුදල් ඉල්ලා සිටි බවද ඇය එම ලිපියෙහි සඳහන් කර තිබූ බව විමර්ශන සිදුකරන ගන්දර පොලිසිය කියයි.

මෙම මව තම දරුවා නිවසේ කෑම කාමරයේ බාල්කයක එල්ලා, ඇයද දිවි හානි කර ගෙන තිබේ. පෙරේදා (24දා) තම දියණිය සහ ඇගේ දරුවා පිළිබඳව සොයා බැලීමට ඇයගේ මව සහ සහෝදරයකු පැමිණ ඇති අතර, එම අවස්ථාවේ නිවෙසේ දොරවල් වසා කිසිවකු නොමැති බැවින් වහලේ උළු ඉවත් කර බැලීමේදී මව සහ දරුවා ගෙල වැලලාගෙන සිටිනු දැක ඒ පිළිබඳව ගන්දර පොලිසියට දැනුම් දී තිබේ.

මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත ගන්දර පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පො.ප. යූ. එම්. සුවාරිස් මහතාගේ මෙහෙයවීමෙන් පො. සැ. (46183) ඒකනායක මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරති.

මාතර - අමල් තුෂාර, මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්කු, නිමල් හේමසිරි - රදම්පල
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ණය ගෙවා ගන්න මුදල් නැතැයි සිත් තැවුලින්, පස් හැවිරිදි පුතා බාල්කයේ එල්ලා එක් දරු මව එල්ලී දිවිනසා ගනී Rating: 5 Reviewed By: lakmina