728x90 AdSpace

Latest News
Thursday, 18 February 2021

වැලන්ටයින් දවසේ බාලවයස්කාර පෙම්වතියත් උස්සගෙන, යකඩ තුරඟා පිට ගිය අනංගයාට පාර වරදියි, අන්තිමට පෙම්වතියට සිද්ධ වෙච්ච දේ !

පෙම්වතුන්ගේ දිනයේ හොර රහසේ බාලවයස්කාර පෙම්වතිය රැගෙන යාමට පැමිණි පෙම්වතා යතුරුපැදි අනතුරක සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පෙම්වතිය මහ මඟ අතරමං වූ පුවතක් පොල්පිතිගම පොලිසියේ රථවාහන අංශයෙන් වාර්තා වේ.

පොලිසියේ රථවාහන අංශය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.

පොල්පිතිගම, කුඹුකුළාව සීමාවේ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් ඉකුත් 13 වැනිදා රාත්‍රී අටට පමණ සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවකු තුවාල ලබා පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

අනතුර සිදු කළ අනෙක් යතුරුපැදිකරු සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේදී බාලවයස්කාර වියේ පසුවන්නකු බව හෙළිවී යැයි පොලිසිය සඳහන් කරයි.

පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන සිටින අවස්ථාවේදී ඉකුත් 13 වැනිදා මැදියම් රැයේ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි බාල වයස්කාර තම දියණිය නිවසේ නොමැති බවට පැමිණිල්ලක් කිරීමට මවක පැමිණි බව පොලිසිය කියයි.

මෙම සැකකරු පෙම්වතියට ඊයේ පෙර දිනයක ජංගම දුරකතනයක් ලබාදී ඇත. මව ඒ බව දැන දුරකථනය ලබාගෙන ඇතත්, එහි සිම්පත දැරිය බාරයේ තිබී ඇති බව අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඉන් අනතුරුව ඇය වෙනත් දුරකතනයකට සිම්පත දමා පෙම්වතාට ඉකුත් 13 වැනිදා රාත්‍රියේ අතරමගට එන්නට කියා දැනුම් දී තිබේ. ඒ අනුව ඇය රැගෙන යාමට සැකකරු පැමිණෙන අවස්ථාවේදී මෙම අනතුරට පත්ව ඇති බවට තොරතුරු හෙළිකර ගැනීමට ද පොලිසියට හැකි වී තිබේ.

පොලිසියේ සිටින සැකකරුගෙන් තම දියණිය සිටින ඉසව්ව දැන ගත් මව ඇය සෙවීමට යාමට මත්තෙන් මහ මග ගමන් ගත් සිල් මාතාවන් පිරිසක් අතරමංව සිටි බාලවයස්කාර දියණිය මැදියම් රාත්‍රියේදී නිවෙසට ගෙනැවිත් බාරදී තිබෙන බව දැනගන්නට ලැබිණි.

මෙම යතුරුපැදි අනතුර සිදු නොවන්නට බාලවයස්කාර දියණියට සිදුවන්නට තිබූ අනතුරුදායක තත්ත්වය ඉන් වැළකී තිබෙන බවත් පොලිසිය කියයි.

සැකකරු වෙනුවෙන් පවුලේ කිසිවකුත් ඉදිරිපත් වී නැති බවත්, යතුරුපැදියක් පැදවීම සඳහා කිසිදු සුදුසුකමක් නැති මෙවැනි බාල වයස්කාරයකුට යතුරුපැදිය දුන් තැනැත්තාට එරෙහිව ද සැකකරුට අමතරව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිසිය පැවසීය.

මොරගොල්ලාගම - සිසිර කැලේගම

මෙම ලිපිය උපුටා ගැනීම "ලංකාදීපයෙන්"

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: වැලන්ටයින් දවසේ බාලවයස්කාර පෙම්වතියත් උස්සගෙන, යකඩ තුරඟා පිට ගිය අනංගයාට පාර වරදියි, අන්තිමට පෙම්වතියට සිද්ධ වෙච්ච දේ ! Rating: 5 Reviewed By: lakmina