728x90 AdSpace

Latest News
Sunday, 7 February 2021

අවුරුදු 95ක් වෙලත් විභාගෙට ලියා වාර්තාවක් තියපු නාවලපිටියේ ආච්චි

මෙරට වයස වැඩිම විභාග අපේක්ෂිකාව ලෙස සිය නම වාර්තා පොත් අතරට එක් කරමින් නාවලපිටියේ මිත්තනියක ඊයේ (06) දිනයේදී විභාගයකට මුහුණ දී තිබේ.

ලීලාවතී ඇස්ලින් ධර්මරත්න වන මෙම මිත්තනිය අද දින මුහුණ දී ඇත්තේ මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා උපාධියටය.

වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරියක ලෙස කටයුතු කර ඇති ඇය පසුව නොතාරිස්වරියක ලෙසද කටයුතු කර ඇත.

යම් හෙයකින් මෙම විභාගය සමත් වුවහොත් තමන් කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියට පෙනී සිටීමටද සැලසුම් කර ඇති බව පැවසේ.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අවුරුදු 95ක් වෙලත් විභාගෙට ලියා වාර්තාවක් තියපු නාවලපිටියේ ආච්චි Rating: 5 Reviewed By: lakmina