728x90 AdSpace

Latest News
Friday, 19 February 2021

රාත‍්‍රී සේවය නිමකර ස්කූටියෙන් නිවස කරා යමින් සිටි සාත්තු සේවිකාවට සැමියා මන්නෙන් කොටලා කරපු දේ !

කන්තලේ මූලික රෝහලේ රෝහල් සාත්තු සේවිකාවකට සේවය නිමවී සිය නිවස කරා තම යතුරුපැදියෙන් යමින් සිටියදී ඊයේ (18 දා) අලූයම 6.30 ට පමණ මඟ හරස්කර මන්නයකින් කපා කොටා බරපතළ තුවාල සිදුකළ ඇයගේ සැමියා කන්තලේ පොලිසිය වෙත භාරවී ඇත.

මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ කන්තලේ 92 ප්‍රදේශයේ පදිංචි 44 වියැති තිදරු මවකි. රාත්‍රී සේවය නිමකොට උදෑසන 6.30 ට පමණ තම ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් නිවස කරා යමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි සිය සැමියා මාර්ගය හරස්කොට නවත්වා දිග මන්නයකින් මෙම ප්‍රහාරය එල්ලකර ඇත. ප්‍රහාරයෙන් බෙල්ලට, අතට ඇතුළු ශරීරයේ කිහිප පළකටම දරුණු කැපුම් තුවාල සහිතව මාර්ගයේ වැටී සිටියදී අවට පිරිස් රෝහල වෙත රැගෙන ගොස් ඇත.
 
මේ වනවිට ඇය කන්තලේ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. පහර දුන්නා යැයි පවසන සැමියා 48 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයෙකු වන අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ පවුල් ආරවුලක් මත පහරදීම සිදුකළ බවයි. සැකකරු ඊයේ (18 දා) අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබුණි.
 
සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ මූලස්ථාන ප්‍රධාන පො.ප. එච්. එම්. පී. බී. විජේකෝන් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. රන්දික තුෂාන් මහතා ඇතුළු නිලධාරින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 
දිවයින
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රාත‍්‍රී සේවය නිමකර ස්කූටියෙන් නිවස කරා යමින් සිටි සාත්තු සේවිකාවට සැමියා මන්නෙන් කොටලා කරපු දේ ! Rating: 5 Reviewed By: lakmina