728x90 AdSpace

Latest News
Tuesday, 2 February 2021

“..කවුරුත් කතා කරලා කිව්වේ නෑ සර්..! බේරාගන්න පුළුවන්කම තිබිලා” - බලංගොඩ කම්පා කළ, සිසුවියගේ මරණය ගැන අම්මා මාධ්‍යයට කියපු කතාව මෙන්න - (video)

බලන්ගොඩ, තන්ජන්තැන්න විදුහලේ 11 වසර පාසල් සිසුවියක් පසුගිය(30)දා වලවේ ගෙඟ් දියේ ගිලී මරණයට පත්වීමේ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් සිසුන් කැටුව ගිය එම විදුහලේ පාසල් ගුරුවරිය රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස බළන්ගොඩ මහෙස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා ඊයේ(01දා) නියෝග කළා.

ජී.එම්. නිරෝෂිකා කුමාරි (අවු16) නැමැති මියගිය සිසුවිය එම පාසලේ තවත් සිසුසිසුවියන් දොළොස් දෙනෙකු සමඟ කල්තොට ප‍්‍රදේශයේ ක්ෂේත‍්‍ර චාරිකාවකට ගිය අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී තිබෙනවා..
 
එහෙත් මේ සඳහා විදුහලේ විදුහල්පතිවරයාගෙන් හෝ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් නිසි අවසරයක් ගෙන නොමැති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වුණා.
 
මෙම සිසුවියගේ මරණය පිළිබඳව සැකයක් ඇති බව එම සිසුවියගේ මව පොලිසියට ප‍්‍රකාශයක් ලබාදී තිබූ අතර ඒඅනුව පොලිසිය විසින් බලන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම පෙබරවාරි 01 වැනි දිනට කල් දැමීමට අධිකරණය නියෝග කර තිබුණා.
 
පරීක්ෂණ මෙහෙයවන කල්තොට පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තරංග හපුගස්වත්ත මහතා ප‍්‍රකාශ කළේ සිසුන්ගේ ප‍්‍රකාශවලින් දියේ ගිලීම සිදු වූ බවට සඳහන් වුවත් එම සිසුවිගේ මව සහ පියා ඊට එකග නොවීම එම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට හේතු වූ බවයි.
 
මෙයට විරෝධය දක්වමින් සිසුවියගේ පියා කල්තොට පොලිසිය ඉදිරිපිට ගසකටද නැග සිටි බව පොලිසිය සඳහන් කළා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: “..කවුරුත් කතා කරලා කිව්වේ නෑ සර්..! බේරාගන්න පුළුවන්කම තිබිලා” - බලංගොඩ කම්පා කළ, සිසුවියගේ මරණය ගැන අම්මා මාධ්‍යයට කියපු කතාව මෙන්න - (video) Rating: 5 Reviewed By: lakmina