728x90 AdSpace

Latest News
Tuesday, 23 February 2021

අනියම් සැමියා සමඟ පෙම් සුව විඳිමින් සිටි බිරිඳ ධම්මිකාව, අමු අමුවේ කපා කොටා මරා දැමූ සැමියෙකූ, උසාවියේදී කියපු කිළිපොලා යන කතාව

තම බිරිය අනියම් සැමියා සමඟ රාත්‍රි කාලයේ අඹු සැමියන් ලෙස හැසිරෙමින් පෙම් සුව විඳින අයුරු දැක කෝපයට පත්ව සිය බිරියට සිවු වතාවක් පොරොවකින් කොටා ඇය ඝාතනය කිරීමේ සිද්ධියක් පිළිබඳ මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම සිදුවීමට අදාළව මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන චෝදනාවකට වරද පිළිගත් විත්තිකාර සැමියාට මාතලේ පළාත්බද මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු සහ මධ්‍යම පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ වත්මන් විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

ඊට අමතරව මුදලින් රුපියල් දස දහසක දඩයක්ද නියම කළ මහාධිකරණ විනිසුරු ප්‍රේමචන්ද්‍ර මහතා එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසරක ලිහිල් සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

මෙසේ සිර දඬුවම් නියම වූයේ මාතලේ, ලෙන‍ෙදාර ඉහළ ගල්අංගගෙදර රාජා කුලතුංග නමැති 50 හැවිරිදි පුද්ගලයකුටයි.

2014 නොවැම්බර් මස 2 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මාතලේ මහාධිකරණ බල ප්‍රදේශයට අයත් දෙන‍ෙදාර පනම්පිටියේදී 43 හැවිරිදි ආර්.එම්. ධම්මිකා රත්නායක නමැති සිය බිරිය පොරොවකින් කොටා ඝාතනය කළ බවට මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.

දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණය අමතමින් කියා සිටියේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඟා තිබූ මනුෂ්‍ය ඝාතන වරදට විසි වසරක් දක්වා පවා බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට මහාධිකරණයට බලය දී ඇති බවයි.

එහෙත් නඩු විභාගය අතරතුර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 297 වැනි වගන්තිය යටතේ සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයකට විත්තිකරු වරද පිළිගැනීමත් බරපතළවූත් හදිසිවූත් ප්‍රකෝප කිරීම මත ආත්මය දමනය කර ගැනීමට නොහැකිව විත්තිකරු මෙම ඝාතනය සිදුකර ඇති නිසාත් ඔහුට මෙලෙස සිවුවසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් පමණක් නියම කිරීමට තමා නියෝග කරන බවද විනිසුරුවරයා සඳහන් කළා.

අනුරාධපුර - ආනන්ද කරුණාදාස
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්..
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අනියම් සැමියා සමඟ පෙම් සුව විඳිමින් සිටි බිරිඳ ධම්මිකාව, අමු අමුවේ කපා කොටා මරා දැමූ සැමියෙකූ, උසාවියේදී කියපු කිළිපොලා යන කතාව Rating: 5 Reviewed By: lakmina