728x90 AdSpace

Latest News
Tuesday, 2 February 2021

ගලේවල ඉඳලා ඇවිත්, රැකියාවේ සතුට සමරලා, කැළණි සැඩ පහරේ ගසාගෙන ගිය මිත්‍රත්වය

කැළණි ගඟේ ස්නානය කරමින් සිටියදී දියේ ගිලීම හේතුවෙන් අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු අද උදෑසන සොයාගෙන තිබෙනවා.
 
ඒ, නවගමුව පොලීසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි.
 
මිය ගිය තරුණයන් දෙදෙනා ඇතුළු සිව් දෙනෙකු ඊයේ පස්වරුවේ මීපිටිය පාලම අසළින් කැළණි ගඟේ දිය නෑම සඳහා ගොස් තිබුණා.
 
එම අවස්ථාවේදී ඔවුන් මත්පැන් සාදයක් ද පවත්වා ඇති අතර එක් තරුණයෙකු දියේ ගිලීම හේතුවෙන් ඔහු බේරා ගැනීමට අනෙක් තරුණයා ද ගඟට පැන තිබෙනවා.
 
එම අවස්ථාවේදී ඔහු ද දියේ ගිලී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
 
28 සහ 18 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයින් රනාල - සුදුවිල සහ ගලේවල - මැදබැද්ද - දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
 
ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයා රැකියාවට මෙම ප්‍රදේශයට පැමිණ ඇති අතර ඔහු ඉන් සමත් වීමේ ප්‍රීතිය නිමිත්තෙන් මෙම සාදය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ගලේවල ඉඳලා ඇවිත්, රැකියාවේ සතුට සමරලා, කැළණි සැඩ පහරේ ගසාගෙන ගිය මිත්‍රත්වය Rating: 5 Reviewed By: lakmina