තම පියාගේ සිහිනයක් වෙනුවෙන් තෙළි තුඩින් අපූරූ චිත්‍ර මවනා තරැණියක් ගැන පසුගිය දවසක අපට තොරතුරු වාර්තා වුනා.
වයස අවුරුදු 29 වන ඇය කුඩා කළ සිට චිත්‍ර ඇදීම සදහා අපූරූ හපන්කම් දක්වන්නියක් බවයි අප වාර්තා කරු සඳහන් කළේ.
අරංගල ප්‍රදේශයේ පර්වතය පාමුල පිහිටි කුඩා නිවසේ සිය චිත්‍ර කළාව වෙනුවෙන් කැපකිරිම් කරන ඇයට තවත් එක් සහෝදරයෙක්ද සිටින අතර ඔහුත් චිත්‍ර කලාව හදාරන්නෙක්.
වසර ගනනක් තිස්සේ සිය පියාගේ සිහිනයක් වු චිත්‍ර ප්‍රදර්ශනයකට උත්සහා දරන මේ තරැණිය ආර්ථික අපහසුතා රැසක් හේතුවෙන් සිය නිර්මාණ හැකියාවන් එළිදැක්වීමට නොහැකිව තිබෙනවා.
මේ වන විට ඇයට චිත්‍ර ඇදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමටද නොහැකිව සිටින බවයි ඇය පවසා ඇත්තේ.
කෙසේ නමුත් තම පියාගේ සිහිනය තමන් කවදා හෝ ඉටු කිරීමටයි ඇයගේ එකම අධිෂ්ඨානය වී තිබෙන්නේ.



