බේරුවල, මග්ගොන ගාලූ පාර ආසන්නයේ තෙමහල් නිවසක සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් පසුගිය 29 දා පස්වරුවේ වටලා කාන්තාවන් තිදෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය සමත්ව තිබෙනවා.
ලද තොරතුරක් මත කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත උ.පො.ප. නුවන් කෝරළගේ විසින් උපාය දූතයෙක් යොදවා පැයකට රුපියල් 5000 ක මුදලකට කාන්තාවකගේ සේවය ලබා ගැනීමට සූදානම් වීමෙන් පසු වැටලීම සිදුකර ඇතැයි පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
ව්‍යාපාරිකයකුට අයත් බව කියන තෙමහල් නිවස රුපියල් පනස්දහසක මුදලකට කුලියට ගෙන ඇති අතර ඇතුල්වීමට ප‍්‍රථම වීෂබීජ නාශක යොදා දෑත් සෝදා ඇතුල් වන්න, ගෙවූ මුදල් මොනම හේතුවක් මත හෝ නැවත ලබා නොදේ යන පුවරු ප‍්‍රදර්ශනය කර තිබූ අයුරු දැකගත හැකිවුනා.
අත්අඩංගුවට පත්වූවන් අතර කුරුණෑගල, වැලිපැන්න සහ කලටුවාගම ප‍්‍රදේශවල පදිංචි 36, 43 සහ 45 වියේ පසුවන කාන්තාවන් තිදෙනෙක්,
ඔවුන්ගේ සේවාව ලබා ගැනීමට පැමිණි බව කියන ඉත්තෑපාන සහ බුලත්සිංහල ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් සහ හෝටල් කළමනාකරුද වන බැව් පොලිසිය සඳහන් කළා.
සැකකරුවන් කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පයාගල පොලිසියට භාරදී තිබෙනවා.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික පි‍්‍රයන්ත, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල පේ‍්‍රමදාස සහ නිශාන් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති උ.පො.ප. නුවන් කෝරලගේ, සැරයන් වරුන් වන සමරකෝන් (26049), කුමාරසිරි (4298), ජයරත්න (48256), පො.කො. වරුන් වන දේශපි‍්‍රය (67757), පි‍්‍රයන්ත (79431), අසංක (40398), පි‍්‍රයසාද් (91332) සහ කා.පො.කො. ඉෂාරා (11400) වැටලීමට එක්වූහ.
ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක - බණ්ඩාරගම
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "දිවයින" පුවත්පතෙන්..
