728x90 AdSpace

Latest News
Friday, 19 February 2021

බිරිඳ සිව්වැනි දරු ප්‍රසූතියට රෝහල් ගත වෙද්දී, අනියම් සබඳතාවයක් පැවැත්වූ තරුණිය සමඟ වෙනත් නිවසක දොර කඩා, ඊට ඇතුළුවී සැමියා නැටු නාඩගම

සිය බිරිඳ සිව්වැනි දරුවා ප්‍රසූත කිරීමට රෝහල් ගත වූ අවස්ථාවේ දී කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ 19 හැවිරිදි තරුණියක් අඹුකමට ගත් කතාවක් බළන්ගොඩ, සමනළ වැව පොලිසියෙන් වාර්තා වේ.
 
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම අනියම් බිරිඳ සමග ගතකිරීමට තෝරාගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ සමනළ වැව පොලිස් බල ප්‍රදේශයේ පිහිටි නිවසකි. වසා තිබූ එම නිවසේ පිටුපස දොර කඩා ඇතුල් වී සිටි බවද සඳහන් වේ.

 කොරෝනා ව්‍යසනය නිසා නිවසේ හිමිකරුවන් මාසයකට පමණ පසුව පඹහින්න ප්‍රදේශයේ පිහිටි සිය නිවසට විත් බලද්දී එහි තිබූ ජල මෝටරය, ජල ටැංකිය ඇතුලූ රු. 50,000 ක පමණ වටිනා බඩු බාහිරාදිය නිවසේ නොතිබීම නිසා පොලිසියට පැමිණිලි කර ඇත.
 
ඒ අනුව පොලිසිය කරන ලද පරීක්ෂණවලදී ඉහත සඳහන් කටයුත්ත කළ සිව්දරු පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයාගේ විවාහක බිරිඳ හා ඇගේ දරුවන් තිදෙනා රැක බලා ගැනීමේ කටයුත්ත දැනට ඇයගේ දෙමව්පියන් විසින් සිදු කරන බවටද තොරතුරු ලැබී තිබේ.
 
මෙම සිද්ධිය පිළිබඳව සමනළ වැව පොලිස් මුරපොළේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. චින්තක විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උ.පො.ප. තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ මෙහෙයවති.
 
දිවයින
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: බිරිඳ සිව්වැනි දරු ප්‍රසූතියට රෝහල් ගත වෙද්දී, අනියම් සබඳතාවයක් පැවැත්වූ තරුණිය සමඟ වෙනත් නිවසක දොර කඩා, ඊට ඇතුළුවී සැමියා නැටු නාඩගම Rating: 5 Reviewed By: lakmina