සැමියා නිවසේ නොසිටි අවස්ථාවේ දෙදරු මවක් සිටි නිවසකට රිංගූ අනියම් සැමියාට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල සැමියා පෙරේදා (30) දින අත්අඩංගුවට ගත්බැව් යක්කලමුල්ල පොලිසිය සඳහන් කළා..
අත්අඩංගුවට ගත් අනියම් සැමියා හා නීත්‍යානුකූල සැමියා යක්කලමුල්ල, බඩකැටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන්...
දෙදරු මවගේ වයස අවුරුදු 40 ක්.
සැමියා සතිපොළට ගොස් සිටියදී මෙකී කාන්තාවගේ අනියම් සැමියා නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ මෙකී කාන්තාවගේ දියණියක්ද නිවසේ සිට ඇති අතර ඒ සමග ඇයගේ නීත්‍යානුකූල සැමියා නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසනවා.
පසුව අනියම් සැමියා සිය යතුරුපැදිය දමා දිවගොස් ඇති අතර නීත්‍යානුකූල සැමියා මොහු පසුපස එළවාගෙන ගොස් පහරදී තුවාල සිදුකොට ඇති බව සඳහන්..
දෙදරු මවට ලිංගික අතවර කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අනියම් සැමියා හා අනියම් සැමියාට පහරදීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල සැමියා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට පත් මෙම පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 45 හා 46 වැනි වියේ පසු වනවා. මොවුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල
මෙම ලිපියේ උපුටා ගැනීම "දිවයින" පුවත්පත..
