728x90 AdSpace

Latest News
Tuesday, 26 January 2021

2015 සිදුවූ අමානුෂික ඝාතනයට, එකම පවුලේ සිව්දෙනෙකු ගැන අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න

කුලියාපිටිය මහාධිකරණයේ විභාගවූ මිනීමැරුම් නඩුවක චූදිතයන් වූ එකම පවුලේ පියා, පුතු, මව හා දුව යන සිවු දෙනාගෙන් පළමු චූදිත වූ පියා හා දෙවන චූදිත වූ පුතුට මරණීය දඬුවම නියම කළ කුලියාපිටිය පූර්වගාමී මහාධිකරණ විනිසුරු ජගත් ඒ. කහඳගමගේ මහතා, පිළිවෙළින් තෙවන හා සිවුවන චූදිතයන් වූ මව හා දුව අධිචෝදනාවන්ගෙන් නි‍ෙදාස් කොට නිදහස් කිරීමට නියම කළේය.

කුලියාපිටිය පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයා ඉකුත් 22 වැනිදා එම මිනීමැරුම් නඩුවේ තීන්දුව දුන් අතර, එහිදී මරණ දඬුවමට නියම කෙරුණේ ඩබ්ලිව්. සුනෙත් ජෝශප් ප්‍රනාන්දු, ඩබ්ලිව්. ඔෂාන් මධුරංග ප්‍රනාන්දු යන පිය පුතු දෙපළය.
 
එම මිනීමැරුම් නඩුවේ තෙවන චූදිත වූ ඩබ්ලිව්. ඩී. ඒ. තුෂාරා චම්පිකා ප්‍රනාන්දු (මව) හා සිවුවන චූදිතවූ ඩබ්ලිව්. ඉමාෂා මධුවන්ති ප්‍රනාන්දු (දුව) යන අය එම නඩුවෙන් නි‍ෙදාස් කොට නිදහස් කෙරිණි.
 
2015.07.10 වන දින හෝ ඊට ආසන්න දිනයකදී පන්නල පොලිස් වසමේ වෙල්පල්ල මුතුගලයාගමදී ඒ. එම්. සංජීව ප්‍රනාන්දු යන අයගේ මරණය සිදු කළේ යැයි එම නඩුවේ චූදිතයන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා නඟා තිබිණි.
 
මෙම මිනීමැරුම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නඩුවේ පැමිණිල්ල 1 හා 2 චූදිතයන්ට එරෙහි අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති අතර, 3 හා 4 යන චූදිතයන් සම්බන්ධයෙන් සෘජු සාක්‍ෂි ඉදිරිපත් කර නොමැති බව විනිසුරුවරයා සඳහන් කළේය.
 
රජයේ අධිනීතිඥ දේශාන් අලුවිහාරේ මහතා පන්නල පොලිසිය සමඟ මෙම මිනීමැරුම් නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ අතර චූදිතයන් වෙනුවෙන් නීතිඥවරුන් වන නෙල්සන් කුමාර නායක, චානක පුෂ්ප කුමාර, අජිත් පෙරේරා, ප්‍රදීප් ලැම්බට් හා චමරි සඳුනිකා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
 
කුලියාපිටිය _ ආර්. ඒ. විමලරුවන්
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්..
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: 2015 සිදුවූ අමානුෂික ඝාතනයට, එකම පවුලේ සිව්දෙනෙකු ගැන අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න Rating: 5 Reviewed By: lakmina