728x90 AdSpace

Latest News
Friday, 12 March 2021

සැකයක් ඉතුරු කරමින් කොළඹ ජාතික රෝහලේ දී අභිරහස් ලෙස මිය ගිය හෙද නිලධාරිනියක ගැන කවුරුත් නොදත් කතාව

කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියක් රෝහල් කාමරයක අභිරහස් අන්දමින් මියයෑම සම්බන්ධයෙන් මරදාන පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
 
මෙලෙස මියගොස් ඇත්තේ අඹන්පොළ බැලූන්ගල පන්සල පාරේ පදිංචිව සිටි 28 හැවිරිදි විවාහක කාන්තාවකි.

හෙද නිලධාරිනිය රෝහලේ 40 වැනි වාට්ටුවේ සේවයට පැමිණ එහි කාමරයකට ගොස් බිමවැටී සිටියදී හෙද නිලධාරිනියක දැක පසුව ඇය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුල් කළ අවස්ථාවේ මියගොස් තිබේ.
 
මැය කිසියම් එන්නතක් ශරීරගත කර ගැනීමෙන් මෙය සිදුකර ගන්නට ඇතැයි සැකකරන බව රෝහල් ප්‍රකාශිකාවක් පැවසුවාය. මෙයට හේතුවී ඇත්තේ රෝහලේ වෛද්‍යවරයෙකු යැයි කියන පුද්ගලයෙකු සමග පවත්වාගෙන ගිය අනියම් ඇසුරක් යැයි හෙළිවී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
 මියගිය හෙද නිලධාරිනියට වෛද්‍යවරයා යැයි පවසන පුද්ගලයා විසින් එවන ලද වට්ස්ඇප් කෙටි පණිවුඩ කිහිපයක් හෙද නිලධාරිනියගේ සැමියාට දැක ගන්නට ලැබී තිබේ. පසුව ඔවුන් දෙදෙනා අතර ආරවුලක් ඇතිවී තිබේ.
 
අනතුරුව සැමියා ඇගෙන් දික්කසාද වන බවට ලිපියකට අත්සනක් නොගෙන ඇය ඇගේ දෙමාපියන්ට භාරදී තිබේ. පෙරේදා (10 දා) ඇය සේවයට විත් තම සහෝදර නිලධාරිනියන්ට පිටතට ගොස් පැමිණෙන බව පවසා කාමරයට ගොස් එන්නත විදගන්නට ඇතැයි සැකකරන බවද එම නිලධාරියා කීය.
 
මියගිය හෙද නිලධාරිනියේ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ (11 දා) කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා හමුවේ පැවැත්විණි. මරදාන පොලිසියේ පොලිස් කොස්තාපල් මර්වින් මහතා වැඩිදුර විමර්ශන සිදු කරයි.
 
දිවයින

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සැකයක් ඉතුරු කරමින් කොළඹ ජාතික රෝහලේ දී අභිරහස් ලෙස මිය ගිය හෙද නිලධාරිනියක ගැන කවුරුත් නොදත් කතාව Rating: 5 Reviewed By: lakmina