728x90 AdSpace

Latest News
Monday, 1 March 2021

"මං කියන විදිහට වැඩ කළේ නැත්නම් මගෙත් එක්ක හිටිය පින්තූර ෆේස්බුක් දානවා..." - රැකියාවක් දෙන බවට පවසා සරසවි සිසුවියක රැවටු ෆේස්බුක් අනංගයා දැලේ

රැකියා දෙන බව පවසමින් මුහුණුපොතේ දැන්වීමක් යොදා සබඳකමක් ඇති කරගත් විශ්වවිද්‍යාල සිසුවියක් ගණිකා වෘත්තියේ යෙදවීමට උත්සාහ කළ පුද්ගලයෙකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් උපක්‍රමශීලී ලෙස කොටුකර ගත්තේය.
 
ඒ විශ්වවිද්‍යාල සිසුවිය විසින් එම කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසුවය.
 
එම ඒකකය පවසන අන්දමට සිද්ධිය මෙසේය.

සැකකාර පුද්ගලයා තමන් විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයක රැකියාවක් ඇති බව සඳහන් කරමින් මුහුණුපොත හරහා දැන්වීමක් පළ කර ඇත. මෙම දැන්වීමට අනුව බොහෝ තරුණියන් රැකියා අපේක්ෂාවෙන් සම්බන්ධ වී ඇත.
 
එවිට මොහු ඇයට පවසා ඇත්තේ තමා සතුව ව්‍යාපාර ඇති බවත්. මේ දැන්වීම අනුව විශ්වවිද්‍යාල සිසුවියද මොහුට කතා කර ඇත. දෙදෙනා අතර සබඳතාවක් ඇති කරගත් පසුව ඔහු ඇයව සිය නිවෙසට රැගෙන ගොස් ඇය සමඟ අඹු සැමියන් ලෙස හැසිරී එම අවස්ථාව වීඩියෝගත කර ඇත.
 
පසුව මොහු ඇයව රැගෙන ගොස් ඇත්තේ කඩුවෙල සිය නිවෙස වෙතය. එහිදී මැය පිළිගෙන ඇත්තේ ඔහුගේ බිරියයි. පසුව දෙදෙනාම එකතුවී විශ්වවිද්‍යාල සිසුවිය ගණිකා ජාවාරමට යෙදවීමට උත්සාහ දරා ඇත. මේ බව දැනගත් සිසුවිය ඔවුන්ගෙන් මිදී පලාවිත් තිබේ.
 
පසුව මේ බව දැනගත් අදාළ තරුණයා විශ්වවිද්‍යාල සිසුවිය අමතා ඇයට තර්ජනය කරමින් නැවත නොපැමිණියහොත් ඇගේ නිරුවත් ඡායාරූප හ අඹුසැමියන් ලෙස හැසිරුණු රූපරාමු ෆේස්බුක් එකට යොදන බව පවසා තිබේ.
 
එහෙත් මැය නැවැත ඔහු හමුවට නොගිය නිසා ඔහු එම නිරුවත් ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමට යොමුකර ඇත. මේ බව දැනගත් ඇය වහා ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ මේ බවට පැමිණිලි කර තිබේ.
 
පසුව එම කාර්යාංශයේ අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත මේ පිළිබඳ විමර්ශන පැවැරුණේ එම කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා වෙතය. පසුව විශ්වවිද්‍යාල සිසුවිය දැනුවත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇය ලවා සැකකරු අමතමින් නැවත මිතුරුපෙමක් සකසා උපක්‍රමශීලීව ඔහු කිරිබත්ගොඩ නගරයට ගෙන්වා අත්අඩංගුවට ගෙන ඇත.
 
මේ වනවිට කර ඇති මූලික විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මොහු සතුව ෆේස්බුක් ගිණුමේ පහක් ඇති බවය. මොහු එම ෆේස්බුක් හරහා තරුණියන් විශාල පිරිසක් සමඟ රැකියා දෙන මුවාවෙන් මිත්‍රවී ඔවුන් සමඟ අඹුසැමියන්සේ හැසිරී ඇති බවටද හෙළිවී තිබේ. ඔහුගේ බිරිය කියන කාන්තාවගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතය.
 
ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි හා ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා රණසිංහ යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
 
කීර්ති මෙන්ඩිස්
මව්බිම
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: "මං කියන විදිහට වැඩ කළේ නැත්නම් මගෙත් එක්ක හිටිය පින්තූර ෆේස්බුක් දානවා..." - රැකියාවක් දෙන බවට පවසා සරසවි සිසුවියක රැවටු ෆේස්බුක් අනංගයා දැලේ Rating: 5 Reviewed By: lakmina