728x90 AdSpace

Latest News
Tuesday, 2 March 2021

සමාජ මාධ්‍ය කැළඹූ, බිළිඳෙකුට අමානුෂිකව පහර දුන් මව, පොලීසිය පුදුම කරවමින් කියූ කතාව මෙන්න - දරුවාට ලැබුණු රැකවරණය - (video)

සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන කුඩා බිළිඳෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනයට අදාළව බිළිඳාගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ යාපනය - අරියාලේ - නාවල්අඩි ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වන බවයි.

මාස 9ක් වයසැති මෙම බිළිඳාට 24 හැවිරිදි මව විසින් කෝටුවකින් පහර දී පසුව කාමරයක් තුලට ඇදගෙන ගොස් යලි කෝටුවෙන් පහර දෙන ආකාරයත් එහිදී දැඩි වේදනාවෙන් එම දරුවා හඩන අයුරුත් එම වීඩියෝවේ දැක්වෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම වීඩියෝව සම්බන්ධයෙන් යාපනය පොලිසිය අදාළ නිවසට ගොස් පරීක්ෂණ සිදුකළ අවස්ථාවේදී මව අත්අඩංගුවට ගෙන බිළිඳා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පහරදීම සිදුකළ මව මීට මාසයකට පමණ පෙර කුවේට් රාජ්‍යයේ සිට දරුවාද සමග මෙරටට පැමිණ ඇති අතර ඇය කලක් තිස්සේ එරට රැකියාව නිරතව සිට ඇති බවයි විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ.

ඇයගේ සැමියා ද කුවේට් රාජ්‍යයේ රැකියාවක නිරත වනවා.

කෙසේ වෙතත් සැමියා විසින් තමාට ජීවත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබා නොදීම හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවයි මෙම කාන්තාව පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සමාජ මාධ්‍ය කැළඹූ, බිළිඳෙකුට අමානුෂිකව පහර දුන් මව, පොලීසිය පුදුම කරවමින් කියූ කතාව මෙන්න - දරුවාට ලැබුණු රැකවරණය - (video) Rating: 5 Reviewed By: lakmina