728x90 AdSpace

Latest News
Monday, 29 March 2021

කලක් තිස්සේ දුරගමන් යන බස්රථවල තරුණියන්ට නිදි පෙති දී අමන වැඩක් කළ තරුණයෙක් අවසානයේ පොලිසියට මාට්ටු වෙයි

දුර ගමන් සේවා බස් රථවල ගමන් කරන තරුණියන් සමඟ ක්ෂණික ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන නිදි පෙති මිශ්‍ර කරන ලද කිසියම් ආහාරයක් ලබාදී ඔවුන්ගේ මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු මීගමුව කොට්ඨාශ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කොට්ඨාශයට ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ කාලයක සිට සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුවයි සැකකරු ඊයේ (28) රාජාංගණය - වරාවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 50ක පමණ මුදල් සහ ස්වර්ණාභරණ තොගයක් හමුවී තිබෙනවා.

එමෙන්ම මොහු පුවත්පත්වල පළවන මංගල දැන්වීම්වල සදහන් දුරකථන අංකවලට ද කතා කර මෙම කොල්ලකෑම් සිදු කර ඇති බවටද හෙළිව ඇතැයි පොලිසිය කියා සිටියා.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කලක් තිස්සේ දුරගමන් යන බස්රථවල තරුණියන්ට නිදි පෙති දී අමන වැඩක් කළ තරුණයෙක් අවසානයේ පොලිසියට මාට්ටු වෙයි Rating: 5 Reviewed By: lakmina