728x90 AdSpace

Latest News
Friday, 12 March 2021

“මම ගැබ්ගෙන සිටින බව මම දැන සිටියේ නෑ...” - අන්තර්ජාලය කැළඹූ, සුළඟින් ගැබ් ගත්ත කාන්තාවගේ සම්පූර්ණ ඇත්ත කතාව මෙන්න

පසුගිය සතියේ අන්තර්ජාලය පුරාවට අපූරූ පුවතක් හුවමාරු වුණා.

ඒ, "සුළඟින් ගැබ් ගත්ත කාන්තාවක්" ගැන ඇදහිය නොහැකි අන්දමේ පුවතක්. සරලව කිව්වොත්, "ලිංගික සංසර්ගයකින්" තොරව ගැබ් ගත්ත සිදුවීමක්.

මේ දරු පැටියාට නිශ්චිත "අයිතිකරුවෙකු" නොමැති නිසා අදාළ කාන්තාව මේ දරුවා "දෙවියන් දුන් ත්‍යාගයක්" විදිහටයි ලෝකයට හෙළි කළේ.

ඇත්තෙන්ම මොකද්ද මේ ඉබේටම සිදුවන ගැබ් ගැනීම? එහෙම නැත්තම් ඇත්තෙන්ම ඇය කියන විදිහට සුළඟකින් ගැබ් ගන්න පුළුවන්ද...?

මේ කතාව හැමෝම හොයන්න ගත්තා.

"මම ගැබ්ගෙන සිටින බව මම දැන සිටියේ නෑ.." කියලා පළමු වතාවට කියපු කාන්තාවත් ඇය නෙවෙයි.

මේ "රහසිගත සිදුවීම" අපි හඳුන්වන්නේ Cryptic Pregnancy එකක් විදිහටයි. (ඒ කියන්නේ ගුප්ත ගැබ්ගැනීමක්.)

ඇත්ත වශයෙන්ම තරුණියක් තමන් විවාහයට එළඹී හෝ තරුණයෙකු සමඟ අඹූසැමියන් ලෙස නොඉඳ හෝ එක්වරම "ගැබ්ගැනීමේ" ලක්ෂණ පෙන්වීම කොයි තරම් නම් පුදුම සහගත දෙයක්ද ?

ගුප්ත ගැබ් ගැනීමක ලක්ෂණ මොනවාද?

සාමාන්‍යයෙන් ඉදිමුණු පියයුරු, මනෝභාවය වෙනස් වීම්, තෙහෙට්ටුව සහ ඔක්කාරය වැනි ලක්ෂණ විශේෂඥයින් මේ "ගුප්ත ගැබ් ගැනීමේ ලක්ෂණ" ලෙස දක්වනවා.

ගුප්ත ගැබ් ගැනීමකට හේතු මොනවාද?

ගුප්ත ගැබ් ගැනීම සඳහා වැදගත්ම හේතුව වන්නේ කාන්තාවන්ගේ හෝමෝන අසමතුලිතතාවය බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

ගුප්ත ගැබ්ගැනීම් වල ඉතිහාසය ඒ තරම් රසවත් එකක් නොවන අතර, ඒවායේ සතුටුදායක අවසානයක් නොමැති බවත් ඔවුන් කියනවා.

තොරතුරු මූලාශ්‍ර:
විදෙස් මාධ්‍ය සහ විකිපීඩියා ඇසුරිනි...
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: “මම ගැබ්ගෙන සිටින බව මම දැන සිටියේ නෑ...” - අන්තර්ජාලය කැළඹූ, සුළඟින් ගැබ් ගත්ත කාන්තාවගේ සම්පූර්ණ ඇත්ත කතාව මෙන්න Rating: 5 Reviewed By: lakmina