728x90 AdSpace

Latest News
Thursday, 4 March 2021

තම දියණියගේ හිස කඳින් වෙන්කර, ඔලුවත් රැගෙන පොලීසියට පැමිණි නරුම පියා කියපු කතාව, සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න

ශ්‍රී ලංකාවේ තරුණියකගේ හිස කඳින් වෙන් කර ඝාතනය කළ පුවතක් වාර්තා වී එහි උණුසුම යන්නටත් මත්තෙන් අසල්වාසී ඉන්දීයාවෙන් ද ඒ හා සමාන වූ අමානුෂික සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී හර්දෝයි දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකු විසින් ඊයේ (03) දිනයේ උදෑසන කාලයේ දී ඝාතනය කළ යුවතියකගේ හිසක් සහිතව පාරේ ගමන් කරමින් සිටියේ පාරේ සිටි ජනතාවද මහත් බියට පත් කරමිනුයි.

මෙම පුද්ගලයා හර්දෝයී පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිට තිබෙන අතර පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබුණේ ඔහු විසින් සිය 17 හැවිරිදි දියණියව ඝාතනය කර හිස සුන් කළ බවයි.

සිය දියණිය පුද්ගලයෙකු සමඟ ඇතිකරගත් සම්බන්ධයක් මුලික කරගෙන ඇති වූ ආරවුලක් මත පියා විසින් මෙලෙස සිය දියණියගේ හිස කඳින් වෙන් කර ඝාතනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පොලීසිය කරන ලද ප්‍රශ්න කිරිම්වලදී ඔහු පවසා ඇත්තේ, තමා විසින් තියුණු ආයුධයකින් සිය දියණිය ඝාතනය කළ බවත් සිරුර සිය නිවසේ දියණියගේ කාමරය තුළ තිබෙන බවයි.

පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන අතර නිවස පරික්ෂා කිරීමේදී මිය ගිය දියණියගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබුණා.

සර්වේෂ් කුමාර් නම් මෙම පුද්ගලයා හිස රැගෙන පැමිණෙන ආකාරය පොලිස් නිලධාරියෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබූ අතර එම දර්ශන පසුව මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

"මම තමයි ඒක කළේ.. වෙන කවුරුත් නෙවෙයි. මම වැසිකිළියේ දොර වහලා ඒක කළා. සිරුර කාමරයේ තියෙනවා.." ඔහු එහි කියන අයුරු අසන්නට ලැබෙනවා.

පොලිසිය එම අවස්ථාවේ අණ කරන්නේ, හිස පහත් කර ඔහුට පාරේ වාඩි වෙන ලෙසයි.

2019 දී කාන්තාවන්ට එරෙහි වැඩිම අපරාධ සංඛ්‍යාවක් සිදු වූ ප්‍රාන්ත ලැයිස්තුවේ උත්තර් ප්‍රදේශ් ඉහළින්ම සිටින බව ජාතික අපරාධ වාර්තා කාර්යාංශය පසුගිය වසරේ නිකුත් කරන ලද දත්ත පෙන්වා දුන්නා.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: තම දියණියගේ හිස කඳින් වෙන්කර, ඔලුවත් රැගෙන පොලීසියට පැමිණි නරුම පියා කියපු කතාව, සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න Rating: 5 Reviewed By: lakmina