728x90 AdSpace

Latest News
Monday, 29 March 2021

"වීඩියෝ එක අක්කට පෙන්නනවා, හැමදාම හවසට ගෙදර ආවේ නැත්තම් " - 15 හැවිරිදි සිසුවිය බියකර නිවසට කැඳවා, සති ගණනක් අතවර කරයි

කැකිරාව ප්‍රදේශයේ පාසලක දහය වසර එකම පංතියේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි ශිෂ්‍යාවක් බියට පත් කර එක් ශිෂ්‍යයකුගේ නිවසට කැඳවා සති තුනක පමණ කාලයක් බරපතළ ලිංගික අපයෝජනය කර ඇති පහළොස් හැවිරිදි ශිෂ්‍යයන් දෙදෙනකු සැකපිට පසුගිය දා කැකිරාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

වින්දිත ශිෂ්‍යයාව එකම පංතියේ තවත් ශිෂ්‍යයකු සමඟ කතා කරමින් සිටින අයුරු ජංගම දුරකථනයකින් වීඩියෝ කර ශිෂ්‍යාවගේ අක්කාට පෙන්වන බවට බියට පත්කර එසේ නොකරන්න නම් තම නිවසට පාසල නිම වී පැමිණෙන ලෙස දන්වා ශිෂ්‍යයන් දෙදෙනා විසින් ශිෂ්‍යාවට වරින්වර බරපතළ ලිංගික අපයෝජන කර ඇති බව පොලිස් පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබේ.

සිද්ධිය ශිෂ්‍යාවගේ අක්කා සියැසින් දැක පසුව පොලිසියට පැමිණිලි කර ඇත. අදාළ ශිෂ්‍යාවගේ මව ඇය කුඩා කාලයේම මියගොස් ඇති අතර දැනට අක්කා භාරයේ දිවි ගෙවති. අපයෝජනයට ලක්වූ දැරිය කැකිරාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්‍ෂිකා ඉන්‍ද්‍රානි මහත්මිය විසින් කැකිරාව දිසා රෝහලේ වෛද්‍ය සේනාරත්න මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව සිදුකළ පරීක්‍ෂණයේදී දුෂණයට ලක් වී නැති බව තහවුරු වී ඇත.

ශිෂ්‍යාව ලබා දුන් ප්‍රකාශ අනුව අත්අඩංගුවට ගත් සැකකාර ශිෂ්‍යයන් දෙදෙනා කැකිරාව දිසා මහෙස්ත්‍රාත් යූ. එස්. කේ. කේ. වෙරණියගොඩ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 31 වැනිදා කැකිරාව උසාවියට කැඳවීමට නියෝග කළ අතර ශිෂ්‍යයන් දෙදෙනා අනුරාධපුර අභය ළමා නිවසයේ රඳවා තබන ලෙසත් ශිෂ්‍යාව අක්කා භාරයේ තබන ලෙසත් පොලිසියට නියෝග කළේය.

කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් කුමාරසිරි මහතාගේ උපදෙස් අනුව කාන්තා උප පොලිස් පරීක්‍ෂිකා ඉන්‍ද්‍රානි සහ උප පොලිස් පරීක්‍ෂක එච්. එම්. ධනපාල හේරත් යන මහත්ම මහත්මීන් විසින් මෙම නඩුව උසාවියට ඉදිරිපත් කළේය.

සුදත් ඒකනායක
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: "වීඩියෝ එක අක්කට පෙන්නනවා, හැමදාම හවසට ගෙදර ආවේ නැත්තම් " - 15 හැවිරිදි සිසුවිය බියකර නිවසට කැඳවා, සති ගණනක් අතවර කරයි Rating: 5 Reviewed By: lakmina