728x90 AdSpace

Latest News
Tuesday, 2 March 2021

119 අංකයට ලැබුණු ඇමතුම නිසා මහ රාත්‍රීයේ 10 වසර සිසුවිය සමඟ යහන්ගත වුනු 28 අනංගයාට අත් වුනු ඉරණම

රාත්‍රි කාලයේ අනවසරයෙන් නිවසකට ඇතුළුවී බාල වයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළා යැයි සැකපිට අධිකරණය හමුවට පමුණුවනු ලැබූ 28 හැවිරිදි තරුණයකු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් ශ්‍යාමලී යාපා මහත්මිය නියම කළාය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරයට නියම වූයේ මාතර පදිංචිකරුවෙකි.

10 වැනි වසරේ සිසුවියකවන 14 හැවිරිදි දැරියක් අසල්වැසි නිවසෙක සේවය සඳහා පැමිණ සිටි සැකකාර තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබූ බවත් ඔහු පිළිබඳව සොයා බැලූ දෙමාපියන් ඊට අකමැත්ත පළකර ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය විනැයි පයාගල පොලිසිය අධිකරණයට වාර්තාකර තිබිණි.

මේ අතර දිනෙක රාත්‍රියේ අවදිවූ මව බාල දරුවාට කිරි සාදා දීම සඳහා සූදානම්ව බැලූවිට යාබද කාමරයේ යහන මත දියිණිය හා සැකකරු සිටිනවා දැක ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දැන්වීමෙන් පසු පොලිසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

පයාගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. ගුණතිලක හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක යූ. අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් සැරයන් රණසිංහ මහතා විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

විජයසිරි විද්‍යාසේකර කළුතර සමූහ
උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්..
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: 119 අංකයට ලැබුණු ඇමතුම නිසා මහ රාත්‍රීයේ 10 වසර සිසුවිය සමඟ යහන්ගත වුනු 28 අනංගයාට අත් වුනු ඉරණම Rating: 5 Reviewed By: lakmina