728x90 AdSpace

Latest News
Friday, 12 March 2021

සිව් මහල් මන්දිරයක, කැමරා හයි කරගෙන, දඩෝරියන් පිරිවරාගෙන පොලිසියට වෙට්ටු දාපූ සුරූපී කතගේ අමුතුම ජාවාරම එළියට

වේයන්ගොඩ, කොරස මල්කෝන ප්‍රදේශයේ සිව් මහල් නිවසක උඩු මහලේ කැමරා සවිකොට, පුහුණු කළ සුනඛයන් රැසක් ආරක්ෂාවට තබා ගනිමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වේයන්ගොඩ පොලිසිය මගින් වටලා තිබෙනවා.

පෙරේදා (10) සිදුකළ මෙම මෙහෙයුමෙන් වේයන්ගොඩ පොලිසිය නීති විරෝධි මත් පැන් මිලි ලීටර් එක් ලක්ෂ එක්දහස් දෙසීය පනහක්, ගෝඩා මිලි ලීටර් දහතුන් ලක්ෂ හැට දහසක්, ගෑස් සිලින්ඩර්, ගෑස් ලිප් දඟර ඇතුළු පෙරීමට උපයෝගී කර ගන්නා උපකරණ රැසක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපාරය ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයකුට අයත් බවත් ලැබුනු තොරතුරක් මත දින කිහිපයක් තිස්සේ පරීක්ෂණ පවත්වා 10 දා මෙම වැටලීම සිදු කර තිබූ අතර බෙදා හැරීම සඳහා සකස් කළ මත්පැන් බෝතල් එකසිය තිස් පහක් පමණද අත්අඩංගුවට ගත් බවත් ආරක්ෂාවට යොදවා සිටි සුනඛයන්ගෙන් බේරී මෙම ස්ථානයට ඇතුලූ වීම දුෂ්කර කාර්යයක් වූ බවත් පොලිසිය සඳහන් කළා.

වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ සහ නෙවිල් පතිරණ
දිවයින පුවත්පත
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සිව් මහල් මන්දිරයක, කැමරා හයි කරගෙන, දඩෝරියන් පිරිවරාගෙන පොලිසියට වෙට්ටු දාපූ සුරූපී කතගේ අමුතුම ජාවාරම එළියට Rating: 5 Reviewed By: lakmina