මංජුල පුෂ්පකුමාර අපේ රටේ ප්‍රසිද්ධ යොවුන් ගායකයෙක්. මෑතකදි ඔහුගේ අලුත් ගීත ඇහුනේ නැතිවුණත් ඔහු ගැයූ ගී අදටත් හැමතැනම වගේ ඇහෙනවා.
ඉතිං මේ ගායකයාගේ පෙම්වතියගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. ඒ ගැන සඳහන් කරමින්, මංජුල සිය මුහුණ පොතෙහි අපූරු සටහනක් තබා තිබුණා.
එම සටහන පහතින්...
මීට අවුරුදු 7කට විතර කලින් ජීවිතේ මාරම අමාරු කාලයක් මට තිබ්බේ
හැමදේම වෙනස් කරපු කෙනා සත්තු ගොඩකට ආදරේ කරන කෙනා තමන්ගේම මහන්සියෙන් බිස්නස් එකක් පටන්ගෙන අද ඉතාම සාර්ථක ගමනක් යන කෙනා
හරිම කෙනා ජීවිතේට ආවම හැමදේම හොදට වෙනව
ඔයාට සුභ උපන්දිනයක්
2022 අවුරුද්දේ ලංකාවේ ඉහලම තැනක ඉන්න සමාගමක හිමි කාරියක් වෙන්න ප්‍රාර්ථනා කරනව ඒක ඔයා කරනව මම දන්නව ඒ තරම් උත්සාහ වන්ත කෙනෙක් මම මගේ ජීවිතේට දැක්කේ නෑ
ගොඩක් පින් මාව කොන්ද කෙලින් තියාන ඉන්න පුලුවන් කෙනෙක් විදියට හැදුවට මට ආඩම්බරයි ඔයා ගැන ලෝකයා කොයි තරම් කතා කීවත් අපි අපේ ගමන යනව කාටවත් කරදරයක් නැතිව
වෙනස් විදියට හිතපු මිනිස්සු ලෝකේ දිනුවා...
සුභ උපන්දිනයක් වස්තුව
ඔයා ගොඩක්ම ආදරේ කරපු පොඩියගේ ෆොටෝ එකක් ඒත් අද පොඩියා නැහැ





