728x90 AdSpace

Latest News
Thursday, 18 February 2021

“අපි කා එක්ක ආදරෙන් බැඳෙනවාද කියලා අපිට කියන්න බෑනේ..” - දරුවා ඉපදෙද්දී, බිරිඳගේ මව සමඟ යහන්ගත වූ නොමනා සැමියා අන්තිමට කළ දේ

සිය දියණියගේ දරු ප්‍රසූතියෙන් දින කිහිපයකට පසු, ඇගේම සැමියා සමඟ පැන ගිය මවක් ගැන අමුතුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

24 හැවිරිදි ජෙස් ඇල්ඩ්‍රිජ්-ගේ සැමියා, 29 හැවිරිදි රයන් ෂෙල්ටන් වූ අතර ඔවුන් දෙදෙනා ඔවුන්ගේ දෙවැනි දරුවා අපේක්ෂාවෙන් මඟ බලමින් සිටියා.

කෙසේ වෙතත්, ජෙස් අලුත උපන් දරුවා රූබන් සමඟ රෝහලෙන් ආපසු පැමිණෙන විට සිය සැමියාත්, මවත් අස්ථානගත වී ඇති බව දැනගත්තා.

ඇගේ මව ඇගේම සැමියා සමඟ සැතපුම් 30ක් ඈතින් පිහිටි නිවසකට ගොස් ඇති බවයි ඇය කියන්නේ.

"අපි කා එක්ක ආදරෙන් බැඳෙනවද කියලා අපිට කියන්න බෑනේ.." යැයි මව පැවසූ බවත් ඇය කියනවා.

"මම හිතුවේ මගේ අම්මා අලුත උපන් දරුවා සමඟ ආදරෙන් බැඳේවී කියලයි. ඒත් පුදුමය තමයි ඇය මගේම සැමියා එක්ක ආදරෙන් බැඳිලා..." යැයි ජෙස් "ද සන්" වෙත ප්‍රකාශ කොට තිබුණා.

"ඇයට තිබුණේ මගේ දරුවන් දෙන්නාට ආත්තම්මා කෙනෙක් වෙලා ඔවුන් රැක බලාගන්න උදව් කිරීමයි. ඒ වෙනුවට ඇය මගේ පෙම්වතා එක්ක ගිහින්.."

කෙසේ වෙතත්, මාස කිහිපයක සිට ජෙස්ට සැමියාගේ මවගෙත් අසාමාන්‍ය හැසිරීම් ඇහැ ගැටී ඇති නමුත්, ඇය එය තැකීමට ලක් කර නැහැ.

Dailymail ඇසුරිනි.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: “අපි කා එක්ක ආදරෙන් බැඳෙනවාද කියලා අපිට කියන්න බෑනේ..” - දරුවා ඉපදෙද්දී, බිරිඳගේ මව සමඟ යහන්ගත වූ නොමනා සැමියා අන්තිමට කළ දේ Rating: 5 Reviewed By: lakmina