728x90 AdSpace

Latest News
Wednesday, 17 February 2021

“...උගේ අත් දෙක වෙන් වෙන්න කැපුවා..” - මීගහතැන්න ගමක් කම්පා කරවමින්, සිය බාල පුතා සමඟ එකතු වී වැඩිමහල් පුතාව අමු අමුවේ මැරූ නරුම තාත්තා කෙනෙක්

සිය බාල පුතා සමඟ එක්ව වැඩිමහල් පුතුගේ පසුපස හඹාගොස් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ එම පවුලේම මව සහ පුතුන් දෙදෙනකු මන්නා පිහියක්ද සමඟ ඊයේ (15දා) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය පවසනවා.

ඝාතනයට ලක් වූයේ මීගහතැන්න බෝතලාව කහටගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටී ඩබ්ලිව්.ඩී. ශාන්ත කුමාර හෙවත් සම්පත් නමැති (37) නමැත්තෙක්.

සැකකාර පියා ප්‍රදේශය හැර පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මියගිය පුද්ගලයා පෙරේදා (14දා) දහවල් යතුරුපැදියකින් සිය නිවෙසේ සිට පැලවත්ත නගරයට යෑමට පිටත්වෙද්දී ඔහුගේ නිවෙස අසල දී මව සහ පියා පැමිණ යතුරුපැදිය නතර කර ඇතැයි පොලිසිය පැවසුවා.

කිසියම් හේතුවක් මත බියට පත්වූ යතුරුපැදිකරු, යතුරුපැදිය එම ස්ථානයේ දමා ඒ ආසන්නයේ වෙල්යාය හරහා දිව ගොස් ඇති අතර ඔහුගේ පියා සහ මල්ලී තියුණු ආයුධයක් රැගෙන ඔහු පසුපස හඹා ගොස් අත් දෙක වෙන් වන සේ තියුණු ආයුධයකින් කපා හිසට ද පහර දී මෙම අපරාධය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිදු වූ ඝාතනය කලක සිට පවුලේ පිරිස අතර පැවත එන ආරවුලක ප්‍රතිඵලයක් බව පොලිසිය සඳහන් කළා.

ප්‍රදේශය හැර පලා ගොස් සිටින සැකකාර පියා මිනීමැරුම් නඩුවක විත්තිකරුවකු සිට නිදහස ලැබූ බවත් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

මීගහතැන්න පොලිසියේ ස්ථානාධිපති එච්.එම්.ජේ. ආරියවංශ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත රාමසිංහ මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වනවා.

කොළඹ - ජයසිංහ/පොතුපිටිය - සුමිත් රණවක
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: “...උගේ අත් දෙක වෙන් වෙන්න කැපුවා..” - මීගහතැන්න ගමක් කම්පා කරවමින්, සිය බාල පුතා සමඟ එකතු වී වැඩිමහල් පුතාව අමු අමුවේ මැරූ නරුම තාත්තා කෙනෙක් Rating: 5 Reviewed By: lakmina