අලි බින් තාලිත් හැදී වැඩුණේ ඩුබායි වෙරළාසන්න කලාපයේය. ඔහුගේ පියාත් සීයාත් කිමිදුම්කරුවන් විය. ඔවුන් මුහුදේ කිමිදුනේ මුතු එකතු කිරීම සඳහාය. එනිසාම අලි බින් මුහුද යට ඡායාරූපකරණයට විශේෂඥයෙක් විය. ‘ඉන්දීය සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිතව අලි සමඟ පිහිනීම ත්‍රාසජනක වුණත් අමතක නොවන අපූරු අත්දැකීමක්’ අලි බින් තාලිත් පවසයි. ඉන්දුනීසියානු සාගර පතුලේත් සුන්දරත්වයේ අඩුවක් නැහැ. දිනක් මුහුද යටට ගොස් එද්දී දියට වැටුණු කටුස්සෙක් දැඩි වෙහෙසට පත්ව මරණයෙන් බේරීමට එල්ලූනේ ඔහුගේ කැමරා ආධාරකයේය.
විටක අන්දමන් දූපත් දෙකක් අතර පිහිනා යන මුව රැළ සේයාරුවට නැගීම සදහා ඔහුට දින ගණනාවක් බලා සිටින්නට සිදුවිය. ‘මුවන්ටත් හොඳට පීනන්න පුළුවන්.’ අලි බින් තාලිත් මතකය අවදි කරයි. ‘සරාගී ඉස්සා’ අමුතු නර්තනයක යෙදෙන අයුරු දුටුවේ පිලිපීන මුහුදේ දීය. රාත්‍රීයේ දී පමණක් කළ එළි බසින බූවල්ලන් හමු වුණේ පිලිපීන මුහුදේ දී. තාලිත් ගේ අත්දැකීම ගැන මීට වසර කිහිපයකට පෙර බීබීසී මගින් වාර්තා කර තිබිණි.
අපට මුහුදේ සුන්දරත්වය මතක් වූයේ පසුගිය දිනක වැල්ලවත්ත කින්රෝස් මුහුදු වෙරළ තීරයේ නෑමට ගිය විටය. මට නම් මුහුදේ පිහිනීමට දක්ෂතාවයක් නොමැති වුවත් අපේ මිත්‍ර තිවංක ට නම් වැල්ලවත්ත මුහුද ඉතා පුරුදුය. එහෙත් මට පිහිනීමට උපදෙස් ලබා දීම සඳහා සිටියේ වැල්ලවත්ත කින්රෝස් පිහිනුම් හා ජීවිතාරක්ෂක සංගමයේ ප්‍රධාන පුහුණුකරු වන එස්.එම් චන්ද්‍රපාල මහතාය. වයස 66ක් වුවත් චන්ද්‍රපාල මහතා තරුණයෙකු මෙනි. වේගයෙන් මුහුදේ පීනා යයි. මම වෙරළේ වාඩිවී ඔහුගෙන් විස්තර විමසුවෙමි.
ඇත්තටම මම කින්රෝස් ක්ලබ් එකේ ප්‍රධාන පිහිනුම් පුහුණුකරු, මම ලංකාවේ හොඳම ජීවිතාරක්ෂක ලෙස තේරිලා තියනවා. මේ දක්වා ජිවිත 175ක් බේරාගෙන තියෙනවා. මගේ ගම පානදුරේ තමයි. 1977 සිට මෙහෙ ඉඳල ඒ කියන්නේ වැල්ලවත්තේ ඉඳලා ගල්කිස්සට කිලෝමීටර් දහය පීනන තරගයට මම සහභාගිවෙලා තියනවා. මුහුදු වතුරේ පීනනකොට ඇඟ කැපෙනවා. ජුලියන් බොලින්ග් පවා මේ කිලෝමීටර් දහය පීනන්න ඇවිල්ලා තියනවා. මම මුලින්ම පානදුර ගෙඟ් පීනුවා. මුහුදේ වතුරට වඩා ගෙඟ් වතුර බරයි. ඒ කාලේ තාත්තා මට ගැහුවා පීනන්න යනවා කියලා. ඒත් මගේ ආසාව අතඇරුණේ නැහැ. මම ගෙදරට හොරෙන් ගිහිල්ලත් පීනනවා. මම ඉගෙන ගත්තේ පානදුර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ. අදත් මට කිලෝමීටර් 10 පීනන්න පුළුවන්, හොදට පීනන කෙනා මට ඉවෙන් තේරෙනවා. පීහිනීම ආසාවෙන් කරන්න ඕනෑ දෙයක්. මම ඩුබායිවල ජේබල් අලි හෝටලයේ අවුරුදු 17ක් ජීවිතාරක්ෂකයෙක් ලෙස සේවය කළා. ඒක විශේෂ අත්දැකීමක්. මම ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේත් ඉන්නවා.
මට ඕනෑම තැනකදී ඕනෑම කෙනෙක් දියේ ගිලෙන එකෙන් බේරාගන්න පුළුවන්. එක අවස්ථාවක මුහුදේ පීනන්න ගිහිල්ල අපස්මාරය හැදුනු කෙනෙකුත් බේරාගත්තා. ඒක මට හොඳට මතකයි. දවස් හතේම මම ක්ලබ් එකේ ඉන්නවා. මුහුදේ නාන්න එන අයට යම් කරදරයක් උනොත් මම ඉදිරිපත් වෙනවා. උදේ සිට සවස පහ වෙනකම්ම ඉන්නවා. එය මට සතුටක්. මේ කින්රෝස් ක්ලබ් එක ආරම්භ කළේ 1941 මයික් සිරිමාන්න මහතා විසින්. පිහිනුම් ක්‍රීඩකයින් බිහි කරන්න වගේම ජල විපත්වලින් ජනයා ගලවා ගැනීමේ අරමුණින් තමයි මෙය පිහිටුවා තියෙන්නේ. මුහුදු වතුර ඇඟට බෙහෙතක්. පීනිම ශරීර සෞඛ්‍යයට ඉතාම හොඳ දෙයක්. එක ඕනෑම ලෙඩකටත් හොඳයි. පිහිනීමෙන් අපට විවිධ රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි, සිරුරේ මනා හැඩයක් පවත්වා ගැනීමටත් හෘදය සහ පෙණහලූවල නීරෝගිතාවය වෙනුවෙනුත් පිහිනීම ඉතාම හොඳ ක්‍රීඩාවක්. ඒ විතරක් නොවෙයි, තමන්ගේ ආත්මාරක්ෂාව වගේම තවත් අයෙකුගේ ජීවිතය ගලවා ගැනීමටත් අපි විසින් පිහිනීම ප්‍රගුණ කර සිටීම ඉතාම වැදගත්. පිහිනීම අපිට පුරුදු වෙන්නේ මව්කුස සිටියදීමයි. ඒත් අපි මෙලොව එළිය දුටුවාට පසුව මව්කුසේ සිටියදී තිබුණ පරිසරය අපට නැහැ. ඒත් අපේ ජනවහරට අනුව කියනවා බල්ලන්ට පිහිනන්න උගන්වන්න අවශ්‍ය නැහැ කියලා, වතුරට බලූ පැටියෙක් දැමූ විට පාද හතර චලනය කර මද වේලාවකින් පිහිනන්න පටන් ගන්නවා. ඒ බල්ලාගේ සහජ හැකියාව නිසයි. දරුවෙක් වුණත් උපන්න ගමන් ජලයට දැම්මොත් පිහිනීමට උත්සාහ ගන්නවා. ඒ වගේම ජලයේදී ශ්වසනය කිරීමේ හැකියාව දරුවාට තිබෙනවා.
සිය කතා බහ නතර කළ චන්ද්‍රපාල මහතා නැවත මුහුදට පිවිස වේගයෙන් ඉදිරියට පිහිනා ගියේය. විනාඩි දහයක් පමණ මුහුදේ කිමිදෙමින් සිටි ඔහු නැවත වෙරළ කරා පැමිණියේ තවත් ළමුන් පිරිසක් ඔහුගෙන් පිහිනීම ඉගනුම සඳහා පැමිණ සිටි නිසාය. ඔවුහු මුහුදේ නොව ක්‍රීඩා සමාජයේ පිහිනුම් තටාකයේ පුහුණුවීම්වල යෙදෙන අයවලූන් වෙති. මුහුදෙහි ගිලී නැවත ගොඩට පැමිණ ගිමන් හරින විට ගතට දැනෙන්නේ සහනයකි. මුහුද දෙස බලා සිටීමද සිතට සහනයකි. යමෙකු සිහිනෙන් මුහුද දුටුවහොත් එය හොඳ සලකුණක් වන අතර එය සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඉවහල් වන බව කියවේ. මුහුද ද යම් ආකාරයක සම්බන්ධතාවයක් සංකේතවත් කරන අතර ආශාවන් ඉටු වන බවට පුරෝකථනය කරයි. සිහිනයකින් යමෙකු මුහුදේ ගිලී යන දර්ශනයක් දැකීම - සිහිනය සිහින දකින තැනැත්තාට ඉඟි කරන්නේ ඔහු තමාටම සියලූ ගැටලූ නිර්මාණය කරන බවයි. මේ කවරක් නමුත් මුහුදේ හොඳින් නෑම සිහින නොදකින දිගු නින්දකට හේතුවකි. චන්ද්‍රපාල මහතාගේ ජීවිතාරක්ෂක මෙහෙයුම් මතකය හා පිහිනීම අවසානයේ නතර වූයේ මුහුදේ සිහිනයෙනි. කින්රෝස් පිහිනුම් වීරයාගෙන් සමුගත් මමත් තිවංකත් රේල් පාර පැන ගාලූ පාරට පිවිස නිහඬව වාහනය වෙත ගියෙමු. මුහුදේ සිට වේගයෙන් හුළං හමන්නට විය.
චතුර පමුණුව
දිවයින