728x90 AdSpace

Latest News
Monday, 29 March 2021

"කෙතරම් අග හිඟකම් තිබුණත් මේ අසරණ සතුන් බඩගින්නේ තියන්නේ නැහැ .." - අග හිඟ මැඩ එන, බුද්ධ පුත්‍රයින්ගේ සත්ව කරුණාව

සුනඛයින් 16 දෙනෙක් සහ බළලුන් හය දෙනෙක් ඉතාමත් ආදරයෙන් රැක බලාගන්නා පන්සලක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ කතා බහට ලක්වනවා.

කෙසේ වෙතත් මෙම අසරණ සතුන්ට වගේම පන්සලේ වැඩ වසන ස්වාමීන් වහන්සේලාටද, අව්වෙන් වැස්සෙන් ආරක්ෂාවීමට ස්ථිර ගොඩනැගිල්ලක් නොමැති බවයි වාර්තා වන්නේ.

කෙතරම් අග හිඟකම් තිබුනත් මෙම අසරණ සතුන්ට නිසි වේලාවට ආහාර ටික ලබාදීමට නම් ස්වාමීන් වහන්සේලා අමතක කරන්නේ නැහැ.

මෙම තත්ත්වයේ වුවත් "මෙතන අසරණ සතෙක් ඉන්නවා, කන්න බොන්න දීලා හදාවඩාගන්න එකෙක් නෑ භාරගන්න" කියලා, දිනකට දුරකථන ඇමතුම් ගණනාවක් පන්සලේ වැඩවසන ස්වාමීන් වහන්සේලාට ලැබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

බොහෝ අග හිඟකම් මැද උන් වහන්සේලාට සහ මෙම අසරණ සතුන්ට ඉන්න කටු මැටි බිත්තියෙන් කුඩා ගොඩනැගිල්ලක් මේ දිනවල ඉදිකරගෙන යන බවයි සමාජ මාධ්‍යවල වාර්තා වුනේ.

මාබෝදල ධම්ම පවර හාමුදුරුවෝ තමයි මේ වැඩේට මූලිකත්වය අරගෙන ඉන්නේ.

මේ සත්ක්‍රියාවට දායකවෙන්න පින් සිත් පහළවෙන කෙනෙක් ඉන්නවා නම් පන්නල - මානිංගමුවේමේ, මාබෝදල ධම්ම පවර හාමුදුරුවන් එක්ක සම්බන්ධවෙලා ඒ සත්කාරය කරන්න පුලුවන්.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: "කෙතරම් අග හිඟකම් තිබුණත් මේ අසරණ සතුන් බඩගින්නේ තියන්නේ නැහැ .." - අග හිඟ මැඩ එන, බුද්ධ පුත්‍රයින්ගේ සත්ව කරුණාව Rating: 5 Reviewed By: lakmina