යතුරුපැදි දෙකකින් එන කාන්තාවක් හා පිරිමියෙක්.. අතරමඟදී පුරුෂයා සිය යතුරුපැදිය හරස් කොට කාන්තාවගේ යතුරුපැදියට ඉදිරියට යා නොහැකි ලෙස අවහිර කරනවා..
ඒ සමඟම සිය යතුරුපැදියෙන් බැස එන පුරුෂයා පිහියක් අතට ගෙන යතුරුපැදියේ සිටි කාන්තාවට පහර දෙන්නට පටන් ගත්තා.
ඒ සමඟම එම කාන්තාව යතුරු පැදියෙන් බැස දිවි ගලවා ගැනීම සඳහා එතැනින් පලා යාමට උත්සහා කළා. එහෙත් ඇයට ඊට ඉඩක් ලැබුනේ නැහැ. ඒ පිහිය අත ඇති පුද්ගලයා ඇය පසුපස පන්නාගෙන ගොස් ඇයට දිගින් දිගටම පහර දෙන නිසායි.
ඒ සමඟම රථවාහන පොලිස් නිල ඇඳුමින් සැරසුණු නිලධාරියෙක් යතුරු පැදියෙන් එතැනට පැමිණියා. පිහි පහට ගොදුරු වෙන කාන්තාවට සහනයක් ලැබේ යැයි සිතුවත් එදෙස තප්පර ගණනක් බලා සිටි පොලිස් නිළධාරිය සිය යතුරුපැදිය හරවාගෙන යන්නේ බලා සිටි සියල්ලන්ම මවිතයට පත් කරමිනුයි.
මේ සියල්ල අසළ තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා.
මේ සිද්ධිය දුටු ඔහු ඒ අසළ යතුරු පැදිය නවත්තද්දීම පිහිය අත ඇතිව සිටි පුද්ගලයා කෑ ගසා පවසා ඇත්තේ, "ළඟට එන්න එපා. ආවොත් අනිනවා හෝ කපනවා" ලෙසයි. මේ නිළධාරියා අතේ කිසිම අවියක් තිබුණේ නැහැ. එබැවින් පිහියක් අත ඇතිව දැඩි කේන්තියකින් සිටින පුද්ගලයා අසළට යා නොහැකියි.
එබැවින් ඔහු කරන්නේ සිය යතුරුපැදිය ආපසු හරවාගෙන ගොස් ඒ අසළ ඇති පොලිස් මුරපොළට මේ බව දැනුම් දීමයි. ඒ අනුව නිලධාරින් කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිණියා. ඔවුන් එන විට සැකකරු පලා ගොස් සිටි අතර තුවාලකාරිය රෝහල්ගත කර තිබුණා.
සැකකරු සොයා විමර්ශන ඇරඹෙද්දි එම ස්ථානයට ගොස් ආපහු හැරී ගිය කොස්තාපල්ගේ වැඩ තහනම් කරනු ලැබ තිබෙනවා. ඒ, රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මතයි.
තුවාලකාරියගේ තත්ත්වය බරපතල බැවින් ත්‍රිකුණාමලය රෝහලට පිටත් කර හරිනු ලබන අතර විමර්ශන ආරම්භ කළ කන්තලේ පොලිසිය සැකකරු පිළිබඳ තොරතුරු සොයන්නට වුණා. එවිට දැනගන්නට ලැබුණේ ඔහු තුවාලකාරියගේ නීත්‍යානූකූල සැමියා බවයි.
සැකකරුගේ පදිංචි ය කන්තලේ 92 ප්‍රදේශයේ යි. මොහු සොයා නිවසට ගියද ඔහු ත්‍රීවිලයකින් පලා ගොස් තිබුණා.
ආපසු හැරී එද්දි ත්‍රීරෝද රිය හමුව ඇති අතර එම ස්ථානයේදී මොහුව අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව ඔහු සියල්ල අනාවරණය කරනු ලැබුවා.
සමන්ත ජයලත් නම් වන මොහු සිවිල් ආරක්ෂක භටයෙක්. මේ වන විට වයස අවුරුදු 48ක් වන අතර බිරිය ශිරානි පුෂ්පලතා 44 හැවිරිදි වියේ පසුවුණා. ඇය රෝහල් සුළු සේවිකාවක්.
මීට වසර ගණනාවකට පෙර මේ දෙදෙනා විවාහ දිවියට එළඹෙන්නේ හඳපානේ පලා යාමෙනි. ඒ දෙදනා අතර පැවති කාටවත් වෙන් කිරීමට පවා නොහැකි වූ තද බල බැඳීම නිසායි.
මෙලෙස කල් ගත වෙද්දි පවුලට දරුවන් තිදෙනෙකුද එකතු වුණා. තිදෙනාම දියණියන් වුනු අතර ශිරානිට රැකියාවක් ලැබෙන්නේ ඔය අතරයි. ඒ.. රෝහල් ඇටෙන්ඩන් වරියක් ලෙසයි.
සැකකරු පවසන පරිදි රැකියාව ලැබීමෙන් පසු ශිරානි වෙනස් වෙන්නට පටන් ගෙන තිබෙනවා. ඒ සමන්තට දැඩි මානසික පීඩාවක් ඇති කරවමිනුයි.
මේ දෙදෙනා අතර ගැටුම් උග්‍ර වන්නට පටන් ගත්තේ ඇය මොහු අතහැර දමා බාල දියණිය ද රැගෙන බාප්පාගේ නිවසට පදිංචියට යාමත් සමඟයි.
මේ වන විට 25 හැවිරිදි වැඩිමල් දියණියත් විසි දෙහැවිරිදි දෙවන දියණියත් විවාහ වී සිටින අතර බාල දියණියගේ වයස අවුරුදු පහළොවක්..
දියණිය රැගෙන ඇය නිවසින් පිටවීමත් සමඟ සමන්ත නිවසේ තනි වුණා.
මේ දෙදෙනාගේ ගැටුම් පොලිස් පොතේ ද ලියවෙන්නට පටන් ගත්තා. වරක් කන්තලේ පොලිසියේ පැමිණිලි විභාගයකදී ඔහු ඇයට බැගෑපත් වී තිබුණේ තමා සමඟ පැමිණෙන ලෙසයි...
"අනේ අපි ආපහු එකතු වෙමු. පරණ ඒවා අමතක කරලා දාමු.." ලෙසින් ඔහු කීවත් ඇය සිය මතයේම එළඹගෙන ඔහුගේ ඉල්ලීම ඉතා ද්වේශ සහගත ලෙස ප්‍රතික්ෂේප කළා.
බලාපොරොත්තු බිඳ වැටීම නිසා සමන්තගේ සිත තව තවත් පෑරුණා. සිවිල් ආරක්ෂක භටයකු වුවත් ඔහුට නිතරම කල් ගෙවන්නට සිදු වූයේ නිවසේ යි.
ඒ පසුගිය 17 වැනි දිනයි. එදින සිය කුඹුරේ ඇස්වැන්න නෙළා නිවසට රැගෙන ආ සමන්ත සිටියේ තෙහෙට්ටුවෙන්. දිවා ආහාරය සඳහා කඩේකින් බත් පාර්සලයක් ගෙනවිත් තිබුණත් කෑමට සුදානම් වී බැලීමේදී එය පෙනෙන්නට තිබුණේ නැහැ.
වේලාව සවස හය පසුවී තිබුණා. නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හල අසළට යන ඔහු එතැන රැඳ සිටියා.
"එතනට එයා ආවා. මම ළඟට ගිහින් කිව්වා අපි ආපහු එකතු වෙමු කියලා. එයා මගේ කීම තුට්ටුවකට වත් ගණන් ගත්තේ නෑ. මට ගස්සගෙන ගියා. ඒ වෙලාවේ තමයි මට හොඳටම තරහා ආවේ. එයා බයික් එකේ නැගලා යන්න ගියා. මමත් පස්සෙන් පන්නගෙන ගිහින් එයාගේ බයික් එක හරස් වෙන විදිහට මගේ බයික් එක නැවැත්තුවා. මම බැහැලා ගිහිල්ලා එයාට පිහියෙන් කොටාගෙන කොටාගෙන ගියේ මගේ හිත හදාගන්න වෙන ක්‍රමයක් නොතිබ්බ නිසයි.."
සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ එලෙස පැවසුවේ දැඩි ශෝකයෙන්..
ඔහු ඇයට පිහි පහර හතළිහක් පම්‍ණ එල්ල කර තිබුණා. ඇය ඝන ජැකට්ටුවක් දමාගෙන සිටි නිසා එම පිහි පහරවල්වලින් වැදී තිබුණේ දහයක් එකොළහක් පමණයි.. මොහු ඇගේ මුහුණට පිහි පහර එල්ල කර තිබුණේ ජීවත් වන්නට අවස්ථාව උදා වුණත් දැඩි ලෙස විරූපි වන ලෙසටයි.
18 වැනිදා පිහි පහරට ගොදුරුවූ ඇය එදින සවසම ත්‍රිකුණාමලය රෝහලට පිටත් කර හැරිය අතර දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව දිව තුනක කාලයක් ඇය ජීවතුන් අතර සිට 22 වැනිදා අළුයම ඇසුරු නිසා පවුල් ජීවිත මෙන්ම ජීවිත ද විනාශ වන බව ලොවට පසක් කර දෙමින්..
ඇයට පහර දුන් පිහිය ඔහුගේ නිවසේ වැසිකිළියේ වහලය මතට දමා තිබියදී සොයා ගනු ලැබුවා. යතුරුපැදියද පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.
තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.