728x90 AdSpace

Latest News
Friday, 12 March 2021

“...හිරු බැබළෙනවා, නමුත් මම මගේ ඇතුළාන්තයෙන් හඬමින් ඉන්නවා..” - සුරූපී Mia Khalifa, යළි කරළියට, අතීතය ගැන කියමින්, අමුතුම ඡායාරූප කිහිපයකුත් එළියට

මීයා කලීෆා කියන නම බොහෝ දෙනෙකුට හුරුපුරුදු නැතුවා වුණත්, වැඩිහිටියන්ට පමණක් සීමා වුනු චිත්‍රපට නරඹන බොහෝ දෙනෙකුට ඒ නම ආගන්තුක නැහැ.

ලොව පුරා ජනප්‍රිය නිල් චිත්‍රපට තාරකාවන් අතරින් ඇයටම අනන්‍ය වුනු රූපයකින් ඇය කාගෙත් සිත් නෙත් පැහැරගන්නට සමත්කම් දැක්වුවා.

පසුගිය දිනෙක ඇය ගැන බොහෝ දෙනෙක් කතා කළේ, ලෙබනන් පිපිරුම නිසා අන්ත අසරණ වූ පිරිස් වෙත මුදල් යැවීමට ඇය කටයුතු කළ නිසායි.

ඇය මේ සඳහා ඇගේ "අපයෝජනයට ලක් වූ" උපැස් යුවළ වෙන්දේසි කළ ප්‍රවෘත්තිය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තා.

1993 දී උපන්න ඇයට මේ වන විට වයස අවුරුදු 28ක්.

කොහොම වුණත් සමාජ මාධ්‍ය තුළ නිතරම වගේ කතාබහට ලක්වන ඇය, අපූරූ ඡායාරූප එහෙමත් සමාජ මාධ්‍යයට එකතු කරනවා.

නිතරම වගේ ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම තුළ ලියා දක්වන "කැප්ශන්" වලට ප්‍රේක්ෂකයින් ද විවිධ ප්‍රතිචාර දක්වමින් ඉන්නවා.

බිකිනි ඡායාරුපයකට ඇය දක්වා තිබුණේ, "හිරු බැබළෙනවා, නමුත් මම මගේ ඇතුළාන්තයෙන් හඬමින් ඉන්නවා.." කියායි.

නිල් චිත්‍රපට කිහිපයකට පමණක් රංගන දායකත්වය දුන් ඇය එයින් සමුගන්නේ අයිඑස් අන්තවාදීන්ගේ තර්ජන කෙළවරක් නැතිවූ තැනයි.

ඇය රඟපා ඇත්තේ ඉතාමත් සීමිත සංඛ්‍යාවක වුණත් අදටත් ඇය නිල් චිත්‍රපට තාරකාවන් අතර ඉහළකින්ම වැජඹෙන තරුවක් වීම විශේෂයි..
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: “...හිරු බැබළෙනවා, නමුත් මම මගේ ඇතුළාන්තයෙන් හඬමින් ඉන්නවා..” - සුරූපී Mia Khalifa, යළි කරළියට, අතීතය ගැන කියමින්, අමුතුම ඡායාරූප කිහිපයකුත් එළියට Rating: 5 Reviewed By: lakmina