728x90 AdSpace

Latest News
Thursday, 4 March 2021

71 හැවිරිදි අනංගයා, වයසින් බාල අනියම් පෙම්වතිය සමඟ පැටලී සිදු කළ අපරාධය ගමක් කළඹයි

සිය අනියම් බිරිඳ සමග බහින්බස් වූ අයකු එම නිවසේදී සිරුරට ගිනි තබා ගෙන මියගොස් තිබේ. උදය වරුවක මෙම ගිනි තබාගැනීම සිදුවී ඇත. සිද්ධියෙන් මරුමුවට පත්ව ඇත්තේ 71 හැවිරිදි තලාහේන පාර, මාලඹේ, පදිංචිකරුවෙකි. මෙම තැනැත්තා නිතර බීමතින් පැමිණ සිය අනියම් බිරිඳ සමග ගැටුම් ඇති කර ගන්නා අයකු බව මුල්ලේරියාව පොලීසිය පවසයි.

තලංගම හදිසි මරණ පරීක්ෂක ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් සිදු කළ මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ අනියම් බිරිඳ විසින් මොහුට ත්‍රීරෝද රථයක් මිලට ගැනීමට රුපියල් ලක්ෂ දෙකක් දී ඇති බවය. නමුත් එම මුදල මදි බව පවසමින් තවත් රුපියල් ලක්ෂයක් ඔහු ඉල්ලා ඇත. ඉන් අනතුරුව නිවසේ තිබූ භූමිතෙල් ඇඟට වත්කරගෙන ඔහු සිරුරට ගිනි තබා ගෙන ඇත. අවට පිරිස පැමිණ ගින්න නිවා දැමීමට උත්සහ කළද එය සාර්ථක වී නැත. මරණ පරීක්ෂකවරිය සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ අතර මුල්ලේරියාව පොලීසියේ සැරයන්(36506) සමන්ත මහතා පරීක්ෂණ මෙහෙයවීය.
 
කඩුවෙල - සුගත් ප්‍රේමතිලක
දිවයින
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: 71 හැවිරිදි අනංගයා, වයසින් බාල අනියම් පෙම්වතිය සමඟ පැටලී සිදු කළ අපරාධය ගමක් කළඹයි Rating: 5 Reviewed By: lakmina