පාලිත රංගේ බණ්ඩාර කියන නම දේශපාලන වේදිකාවට නුපුරුදු නමක් නෙමෙයි. 2000 වර්ෂයේ පාර්ලිමේන්තුවට ආ ඔහු මේ වෙද්දී එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්වරයාද වනවා. බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය හිමිකරගත් ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකුද වෙනවා. ඔහුගේ වැඩිමහල් දියණිය එරන්ති රංගේ බණ්ඩාර. පියාගේ දේශපාලන ජිවිතේ නිසාම ඇයගේ රූපයත් බොහෝ දෙනෙකුට මතක ඇති. එනිසාම පියා ගැන හා ඇය ගැන කතා කරන්න අපි එරන්ති සම්බන්ධ කරගත්තා. මේ ඇය සමඟ කළ කතාබහයි.
පියාගේ දේශපාලන පසුබිම නිසාම එරන්තිවත් නොදන්න කෙනෙක් නැහැ. බොහෝ දෙනෙකුට මතක ඇති ඔබේ රුව. ඒ නිසා අපි මුලින්ම ඔබේ කුඩා කළ ජිවිතේ ගැන කතා කරලම මේ කතාබහට ආරම්භය ගනිමු..?
අප්පච්චිගේ දේශපාලන ජිවිතේ නිසා පුංචි කාලේ අපේ ගෙවුණේ පුත්තලම කරුවලගස්වැව මහගෙදර තමයි. මම දෙවැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ මලියදේව බාලිකා විද්‍යාලයේ. පසුව කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වෙලා උසස්පෙළ දක්වා ඉගෙන ගත්තා. ඉස්කෝලේ නිවාඩුව ලැබුණු ගමන් අපි පුත්තලම යනවා. අපේ පුංචි කාලේ වැඩිපුරම කාලයක් ගෙවුණේ මහගෙදර තමයි.
පියාගේ කාර්යබහුල දේශපාලන ජිවිතේ නිසා පියාගේ සෙනෙහස රැකවරණය හරියාකාරව නොලැබෙන්න ඇති..?
අපි පුංචි කාලේ වැඩිපුරම දැක්කේ අප්පච්චි ඡන්දදායකයින් එක්ක කටයුතු කරනවයි. ගෙදර වුණත් නිතරම ඡන්දදායකයින්ගෙන් පිරිලා. අප්පච්චි ඇත්තටම දේශපාලනයට කැපවෙලා සේවය කළ කෙනෙක්. වැඩි කාලයක් යෙදෙව්වේ දේශපාලනයට තමයි. ඒ නිසා මගෙයි අයියගෙයි නංගිගෙයි ජිවිතේ විශේෂ කටයුතු බොහොමයක් අප්පච්චිට මඟ හැරුණා. පාසල් දෙමාපිය රැස්වීම්වලටවත් අප්පච්චිට එන්න බැරි කාලයක් තිබ්බා. අප්පච්චි මාසෙකට සතියක් කොළඹ ඉන්නවා. පාර්ලිමේන්තු යන සතිය. ඒ සතිය හැරුණු කොට පාසල් නිවාඩුවට තමයි අපි පුත්තලම යන්නේ. එහෙම කියලා ආදරේ නම් කොහෙත්ම අඩු වුණේ නැහැ. අදටත් මගේ යෝධ සෙවණැල්ල ශක්තිය මගේ අප්පච්චි තමයි. ඒ වගේ අප්පච්චි කෙනෙක් ලබන්න දුවක් හැටියට මම පිං කරලා ඇති.
කුඩා කාලයේ වැඩි කාලයක් පියාගේ සෙවණේ නොහිටියත් පසු කාලයේ ඔහුත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න අවස්ථාව ලැබෙන්න ඇති නේද..?
මම උසස්පෙළ කරන කාලේ අප්පච්චි ගොඩක් උත්සහ කළා අපිත් එක්ක ඉන්න. විවේකයක් ලැබෙන හැම මොහොතකම වගේ පවුල එක්ක කාලය ගත කළා. මම පාසල් ශිෂ්‍ය නායිකාවක් විදිහට පදක්කම් පළදින වෙලාවේ අප්පච්චි ආවා. ඒ වගේම පාසල් තෑගි ප්‍රධාන උත්සව, color nights වලට එහෙම අප්පච්චි කාලය හදාගෙන ආ දවස් තිබ්බා. දැන් නම් වැඩිපුර අප්පච්චි කාලය ගත කරන්නේ මාත් එක්ක තමයි. කුඩා කාලේ තිබුණු හිස් බව දැන් සම්පුර්ණ වෙලා කියලා හිතෙනවා.
ජනප්‍රියත්වය හේතුවෙන් ඇතැම් ජනප්‍රිය පුද්ගලයින්ගේ පවුලේ පිරිස බලපෑම්වලට ලක් වෙන අවස්ථා තියෙනවා. ඔබේ පියා දේශපාලඥයෙක් වීම තුළ ඔබ බලපෑම්වලට ලක් වෙලා තියෙනවද..?
පාසල් යන කාලේ නම් අපිට බලපෑම් ආවා. විවිධ කරදරවලට මුහුණ දීලා තියෙනවා. ඒ කාලේ ඒවා ගැන මානසිකව වැටුණට දැන් නම් ගාණක්වත් නැහැ. ඉස්සරතරම් දැන් නම් අපහසුතාවයට ලක් වෙනවත් අඩුයි. ආණ්ඩු මාරු වෙද්දී තමයි ඒ කරදර ආවේ. ඒ වගේ පාසලෙන් ආ බලපෑමක් නිසා මම දවසක් අප්පච්චිට කිව්වා මම හෙට ඉදලා ඉස්කෝලේ යන්නේ නැහැ. මම උසස්පෙළ ප්‍රයිවට් කරන්නම් කියලා. පහුවදා උදෙන්ම අප්පච්චි නැගිටලා මගේ හිත හදලා මාව පාසලට එක්කගෙන ගිහින් ඒ ප්‍රශ්නේ විසදලා දුන්නා. අප්පච්චිගේ දේශපාලනය අපිට කරදරයක් වුණු වෙලාවට මම අප්පච්චිගෙන් අහලා තියෙනවා ඇයි දේශපාලනයට ගියේ කියලා. නමුත් අප්පච්චිට වගේම අපිටත් පුත්තලම මිනිස්සු ආදරෙයි. ඒ ආදරේ දකිද්දී සමාජයෙන් වෙන ඇතැම් කරදර ගැන නොහිතා ඉන්න උත්සහ ගත්තා. දැන් නම් අපිව හයිලයිට් වෙනවා අඩුයි.
පියාගේ ජනප්‍රියත්වය එක්ක ජිවත් වීමේදී සීමාවන් එක්ක ජිවත් වෙන්න සිදු වෙන්න ඇති..?
ඔව්. සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න කොහොමත් අපහසුවක් තියෙනවා. කැමති ඇඳුමක් අදින්නවත් අදින්න බැහැ. අර ඇදගෙන යන ඇඳුම මොකක්ද ඔහොමද අදින්නේ කියලා හරි අහන මිනිස්සු සමාජයේ ඉන්නවා. ජිවත් වෙද්දී පරිස්සමින් ජිවත් වෙන්න වෙනවා. පොඩි හරි වරදක් වුණොත් සමාජ ගත වෙන්නේ මේ අර අහවලාගේ දුව නේද කියලයි. ඒ නිසා සීමාව ඇතුළෙ තමයි ජිවත් වෙන්න සිදු වෙන්නේ.
පියාගේ දේශපාලන ජිවිතේ ගැන දියණිය හැටියට ඔබ සතුටු වෙනවද..?
අප්පච්චි දේශපාලන පසුබිමකින් ආ කෙනෙක් නෙමෙයි. ලංකාව වගේ රටක දේශපාලන පසුබිමක් නැතිව දේශපාලනයට අවතීර්ණ වීම අමාරු දෙයක්. පක්ෂය ඇතුලෙන් පවා විවිධ ගැටුම් එන්න පුළුවන්. අප්පච්චිට හොඳ දේශපාලන හැකියාවක් දක්ෂතාවයක් තිබ්බට කාලයක් යනතුරු අවස්ථා ලැබුනේ නැහැ. දැන් නම් අප්පච්චිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ ගැන මට සතුටක් තියෙනවා. නමුත් කාලයක් ගියා ඒ අවස්ථා ලැබෙන්න.
පියාගේ දේශපාලන ජිවිතේ ගැන ඔබේ මවගේ ප්‍රතිචාර කොයි විදිහටද තිබුණේ..?
මගේ අම්මා ගුරුවරියක් හැටියට කටයුතු කළේ. දැන් විශ්‍රාමිකයි. අම්මා ආදරණිය චරිතයක් අප්පච්චි වගේම. අම්මට ඕන වුණේ මගෙයි අයියගෙයි නංගිගෙයි අධ්‍යාපන පැත්ත හා අපේ ජිවිත සාර්ථක කරන්න උත්සහ ගන්නයි. ඒ නිසා අම්මා අප්පච්චිගේ දේශපාලන ජිවිතේට ඇඟිලි ගහන්න ගියේ නැහැ. නිදහසේ දේශපාලනය කරගෙන යන්න අප්පච්චිට වටපිටාව අම්මා හදලා දුන්නා. ඒ වගේම අප්පච්චි දේශපාලනය කරනවා කියලා අම්මට කරලියට එන්න වුවමනාවක් තිබ්බෙත් නැහැ.
පියා වගේ දේශපාලනයට යොමු වෙන්න ඔබට අදහසක් නැද්ද..?
කොහෙත්ම නැහැ. එහෙම ආසාවක් ඇත්තෙම නැහැ. නිදහසේ මේ ජිවත් වෙන විදිහට සතුටින් ජිවත් වෙන්න තිබ්බ නම් ඇති.
ආරාධනා ලැබුණේ නැද්ද..?
මට නම් ආරාධනා ලැබුනේ නැහැ. නමුත් මගේ අයියට නම් දේශපානයට ආරාධනා ලැබුණා. නමුත් ඔහු යොමු වුනෙත් නැහැ.
පියා වගේ දේශපාලනයට එන්න කියලා පියාගෙන බලපෑමක් නැද්ද..?
අප්පච්චිට හැමදාමත් ඕන වුණේ අපි සතුටින් ඉන්නවා බලන්න,. ඒ නිසා අපිට අවශ්‍ය විෂයන් හෝ රැකියාවන් කරන්න අප්පච්චි අපිට නිදහස දුන්නා. ඒ නිදහස නිසාම අයියා ව්‍යාපාර පැත්තට යොමු වුණා. මම මනෝ විද්‍යාව පැත්තෙන් ඉගෙන ගන්නවා. නංගි නිතිය හදාරනවා.
පාලිත රංගේ බණ්ඩාර කියන දේශපාලනඥයාගේ දියණිය වීම ගැන මොකද හිතෙන්නේ..?
දේශපාලනඥයෙක් වගේම අප්පච්චි හොඳ පියෙක්. ඒ වගේ පියෙකුගේ දියණිය වීම ගැන තමයි මම ආඩම්බර වෙන්නේ. මම පිනක් කරලා ඇති ඔහු වගේ කෙනෙක් ළග දුවෙක් වෙලා උපදින්න. මොන ප්‍රශ්ණයක් ආවත් අවසානයේ ඉන්නේ දෙමාපියන්, මගේ ජිවිතේ මොන දේ නැති වුණත් දරාගන්න පුළුවන් වෙයි. නමුත් අප්පච්චි නැතුව නම් ඉන්න බැරි වෙයි. දරාගන්න බැරි වේදනාවක් වෙයි මට.
හර්ෂණී වීරරත්න