නව කොරෝනාව බි්‍රතාන්‍යය මුළුමනින්ම අඩපණ කරයි. මරණෙන් බේරෙන්න නම් ලොක්ඩවුන් නීති අකුරටම පිළිපදින්නැයි බොරිස් ජොන්සන් කියයි
පසුගිය මාර්තු මාසයේ සිට අද දක්වා ශ්‍රී ලංකාවෙන් මතු වූ සම්පූර්ණ කොරෝනා රෝගීන් ගණන 50,000 කි. නමුත් මේ ලියන ජනවාරි 13දා අද පමණක් බි්‍රතාන්‍යයේ අලුතින් හමුවූ රෝගීන් සංඛ්‍යාව 47,500ක් වී ඇත.
අද පමණක් බි්‍රතාන්‍යයේ සිදුවූ කොරෝනා මරණ ගණන 1500කි.
මෙය කොරෝනාව නිසා මෙහි සිදුවූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවයි. කොරෝනා පටන්ගත් දා සිට අද දක්වා අහිංසක බි්‍රතාන්‍ය ජීවිත 84,700ක් අකාලයේ නැති වී තිබේ. මෙය හද සසල කරවන ඛේදවාචකයකි.
අලුත් කොරෝනා ප්‍රභේදය හෙවත් කෙන්ට් කොරෝනාව කොතරම් දරුණුදැයි ඔබට තේරුම් ගත හැකිය. අලි මදිවාට හරක් කීවාක් මෙන් කෙන්ට් කොරෝනාවට අමතරව දකුණු අප්‍රිකාවෙනුත් අලුත් කොරෝනා ප්‍රභේදයක් මතුවී ලෝකය පුරා පැතිරී යයි.
ලන්ඩන් රෝහලක සේවය කරන මගේ ඥාති සොයුරිය ලුම්බිණි විතාන කෙන්ට් කොරෝනාවේ බරපතළකම ගැන මෙසේ කියයි.
“මානසික රෝගීන් සිටින රෝහලක කොරෝනා රෝගීන් වෙනුවෙන්ම වෙන් කෙරුණු වාට්ටුවක රාජකාරි කරන මා හට මෙම දෙවැනි කොරෝනා රැල්ලේදී මා දුටු විශේෂිතම රෝග ලක්ෂණය වන්නේ ආසාදනය වූ රෝගීන් සමූහයක් confuse තත්ත්වයට පත්වීමත් ආසාදිත භාවයෙන් මිදුණු පසුත් එම රෝගීන් තුළ තවදුරටත් එම ව්‍යාකූලභාවය පැවැතීමය. එය හරිම කනගාටුදායක තත්ත්වයක්.”
“සමහර රෝගීන්ට ඔවුන් කවුද කොහෙද ඉන්නේ කියාවත් මතක නැති තත්ත්වයකට පත්වීම හරිම දුකක්. මම මීට කලිනුත් පළමු කොරෝනා රැල්ලේදීත් කොරෝනා වැලඳුණු රෝගීන් සමඟ වැඩ කළත් මේ රෝගීන් අතර ඇතිවූ ව්‍යාකූලභාවය මීට පෙර කොරෝනා රැල්ලේදී නුදුටු දෙයක්.”
ලුම්බිණි විතාන සොයුරිය අලුත් කොරෝනාවේ බරපතළ තත්ත්වය තවදුරටත් මෙසේ පෙන්වා දෙයි.
“දැන් UK රෝහල්වල තත්ත්වය බරපතළයි. උදේ කොරෝනාව හැදිල රෝහලට ගේන සමහර වැඩිහිටි ලෙඩ්ඩු අපිත් එක්ක වේදනාව මැද්දේ හොඳට කතා කර කර ඉන්නවා අපි බෙහෙත් දෙනකොට. නමුත් හැන්දෑවේ හිටපු ගමන් අපි බලාගෙන ඉඳිද්දි එයාලා මිය යනවා. මේ මෝචරියට ගෙනියන්නේ දැන් අපිත් එක්ක කතා කර කර හිටපු සුන්දර ආත්තම්මා කියලා හිතනකොට අපිට දරා ගන්නත් බැරි දුකක් ඇතිවෙනවා. සමහර දවස්වල මම ගෙදර යන්නේ අඬ අඬා.”
කොරෝනාව හැදී හොඳටම අමාරු වී මා දෙවරක්ම ඇතුළු කරන ලද අපේ කෙන්ට් ඇශ්ෆඩ් (Kent Ashford) නගරයේ මහ රෝහල දැන් කොරෝනා රෝගීන් භාර නොගන්නේ ඇඳන් හා කොරිඩෝර ලෙඩුන්ගෙන් පිරී ඉතිරී ඇති නිසාය.
අලුතින් රෝහලට ගෙන එන රෝගීන්ට රථගාලේ සිට නැති නම් ගිලන් රථ තුළම ප්‍රතිකාර කිරීමට අප රෝහලේ වෛද්‍යවරුන්ට සිදුවී තිබේ.
බි්‍රතාන්‍යයේ අනිකුත් බොහෝ මහ රෝහල්වල අද තත්ත්වයද මෙයයි. මේ අන්දමට කෙන්ට් කොරෝනාව තව තවත් රට පුරා බිහිසුණු ලෙස පැතිරුණහොත් රෝහලට ගෙනෙන කොයි රෝගියාගේ ජීවිතය බේරා ගන්නවාද කොයි ලෙඩාට මැරෙන්න ඉඩ හරිනවාද යන හද සසල කරවන තීන්දුව ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට සිදුවන දිනය එතරම් අෑත නොවේ.
කොරෝනාවෙන් අසාධ්‍ය වී රෝහලට ඇතුළු කරන රෝගීන් වෙනත් ලෙඩ්ඩු මෙන් දිනපතා බැලීමට යෑමට ඔවුන්ගේ පවුලේ ආදරවන්තයන්ට කිසිසේත්ම අවසර නැත.
සම්පූර්ණ හා ආරක්‍ෂිත ඇදුම්වලින් සැරසුණු හෙදියන් හා වෛද්‍යවරු පමණක් මේ ලෙඩුන් බලා ගනිති. හැකි තරම් ප්‍රතිකාර කරති.
මෙසේ Ventilation මඟින් කෘත්‍රිම ශ්වසනය ලබාදෙන බොහෝ කොරෝනා රෝගීන් මරණය කරා ශීඝ්‍රයෙන් ගමන් කරමින් සිටින බව තේරුම් ගන්නා වෛද්‍යවරු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට වහා telephone කරති.
“ඔබේ පියා, බිරිය නැතිනම් සහෝදරයාට හුස්ම ගන්න අපහසුයි. තව ටික වේලාවකින් ඔහු, ඇය මියයෑම වළක්වන්නට බැහැ. අන්තිම මොහොතේ ඔහුගෙන් සමුගන්න වහාම වාට්ටුවට එන්න”යි යන කනගාටුදායක පණිවිඩය ලැබූ සැණින් බිරිය හා දරුවෝ හඬමින් දුවගෙන එති.
ඔවුනට කඩිනමින් ආරක්‍ෂක ඇදුම් අන්දවා හෙදියෝ හැකි ඉක්මනට ඔවුහු ලෙඩාගේ ඇඳ ළඟට ගෙන යති.
“අනේ තාත්තේ, අම්මේ, ඔබට අපි පණ මෙන් ආදරෙයි. ලබන ආත්මයේදීත් අපි නැවත හමුවෙමු” යැයි කියමින් පියාගේ හෝ මවගේ අත් අල්ලාගෙන පිරිමදිද්දී පෙම්බර මව හෝ පියා ඔවුන් දෙස බලාගෙනම තම අවසන් හුස්ම හෙළයි.
මේ හද උසුලාගෙන සිටීමට බැරි තරමේ අති දුක්බර අවස්ථාවකි. මේ දිනවල බි්‍රතාන්‍යයේ රෝහල් බොහෝමයක මේ කනගාටුදායක ජවනිකාව දහස් වර එළිදැක්වෙන බව බි්‍රතාන්‍යයේ The Sun පුවත්පත කියයි.
අදරැති මවක් නැති නම් පියකුගේ සුන්දර දිවිය නොසිතූ අවස්ථාවක කොරෝනා රකුසා විසින් ගිල ගන්නා මේ ඉතා දුක්බර මොහොත අෑතට වී බලා සිටින හෙදියන් හා වෛද්‍යවරු බලවත් ලෙස කම්පාවට පත්වෙති. මෙසේ කම්පාවෙන් හා ශෝකයෙන් දැඩි මානසික ආතතියට පත්වූ හෙදියන් හා වෛද්‍යවරුන් හා අනෙකුත් රෝහල් සේවකයන් 23,000ක්ම දැනට නිවාඩු ගොස් තිබේ. නැතිනම් සේවය හැරදා ගොස්ය.
කෙන්ට් කොරෝනාව නිසා මහා බි්‍රතාන්‍යය තුන්වැනි වරටත් සම්පූර්ණ ලොක්ඩවුන් තත්ත්වයට පත්කොට තිබේ.
සුපර් මාර්කට් හා ගෙදර ගෙනයන කෑම හදන කඩ හැරෙන්නට හෙයාර් සැලූන්, කර්මාන්ත ශාලා, ජිම් ඇතුළු සියලුම කඩ සාප්පු හා ආයතන වසා දමා ඇත. රටට විදේශිකයන්ට ඇතුළු වීමට හෝ පිට වීමට දැනට බාධාවක් නැත. නමුත් පිටරටවලින් දුප්පත් සංචාරකයන් ගෙන්වාගෙන රට පුරා කොරෝනා පතුරුවා ගැනීමට තරම් බි්‍රතාන්‍ය රජය මෝඩ නැත. සංචාරක සේවා සම්පූර්ණයෙන්ම නවත්වා දමා ඇත්තේ ඒ නිසාය.
පෙබරවාරි මැද භාගය වනතුරු පාසල් නිවාඩුව දීර්‍ඝ කොට ඇත. එසේම මෙම වසරේ පැවැත් වීමට නියමිත උ. පෙළ හා සාමාන්‍ය පෙළ ද අවලංගු කර තිබේ.
ළමයකුගේ සුන්දරතම කාලය පාසල් ජීවිතයයි. දිනපතා ගෙදරින් පිටවී පාසල් යෑමෙන් සෑම දරුවකුම ලබන්නේ ඉමහත් තෘප්තියකි.
මිතුරන් සමඟ එක්වී පාසල් බසයේ විනෝද වෙමින් පාසල් යෑම, උදෑසන පන්ති පටන් ගැනීමට පෙර එළිමහනේ යහළුවන් සමඟ ක්‍රීඩා කිරීම හෝ සතුටු සාමීචියේ යෙදීම, පන්තියේදී විනෝදයෙන් හා වුවමනාවෙන් සිප් සතර හැදෑරීම විද්‍යාගාරයේදී හෝ පරිගණකාගාරයේ දී සමූහව ඉගෙන ගැනීම, දිවා විවේකයේදී යාළුවන් සමඟ එකට වාඩිවී විහිළු තහළු කරමින් කෑම අනුභව කිරීම වැනි දහසක් Social interact අනේයාන්‍ය සමාජ සම්බන්ධතා කටයුතුවල ළමයි යෙදෙන්නේ පැය 8ක පාසල් කාලය තුළය. එම කාලය තුළ පාසල් දරුවන් ලබන ප්‍රබල වින්දනය ඔවුන්ගේ මානසික සෞඛ්‍යය දියුණු වීමට හේතුවක් වෙයි.
නමුත් මේ සියල්ලටම පිටුපාමින් පාසල් සියල්ලම පෙබරවාරි මැද දක්වා වසා දැමීමට බි්‍රතාන්‍ය රජය තීරණය කිරීම ගැන මවුපියන් බලවත් ලෙස කුපිත වී ඇත.
සෑම ළමයකුට මානසික ප්‍රබෝධය ඇති වන්නේ විභාගය නමැති ඉලක්කය ඔවුන් ඉදිරියේ ඇති නිසාය. විභාගය ඉලක්ක කොට ගෙන පාඩම් කරන දරුවාගේ දැනුම දියුණු වනවා පමණක් නොව ඒ තුළින් ඔහුගේ විනය හා හික්මීමද වැඩිදියුණු වේ.
නමුත් කොරෝනාවට බයේ ඉදිරි මාස කිහිපයේ බි්‍රතාන්‍යයේ පැවැත් වීමට තිබූ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඇතුළු විභාග 27 ක්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අහෝසි කොට ඇත.
අඛණ්ඩව යෝග්‍යතා අභ්‍යාසවලදී හා වාර විභාගවලදී ලබාගත් ලකුණු ඇගැයීමට ලක්කොට ඒ අනුව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ළමයින්ට පින් සම්මාන හා පින් අධි සම්මාන පාසල් ගුරුවරුන් ලවා ලබාදී ඔවුන් විභාගවලින් සමත් කිරීම ඉතාම අසාධාරණ හා ගතියක් නැති ක්‍රමයක් යැයි මවුපියෝ කියති. (පන්තියේ සර්ට උසුළු විසුළු කොට ඔහු තරහ කරගෙන සිටින දඩබ්බර සිසුන්ට ඉතින් දෙයියන්ගේම පිහිටය.)
විභාග අහෝසි කිරීම නිසා ඉලක්ක විනාශ වී අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටින බි්‍රතාන්‍යයේ පාසල් ළමයින් අතරින් තවත් ලක්‍ෂ තුනක් පමණ තදබල මානසික ආබාධවලට ලක්විය හැකි යැයි කියන මවුපියෝ පාසල් හා සරසවි හැකි ඉක්මනට සෞඛ්‍ය නීතිවලට යටත්ව විවෘත කළ යුතුයැයි රජයට බල කරති.
වහාම පාසල් නැවත විවෘත කොට නියමිත පරිදි සියලුම ප්‍රසිද්ධ විභාග පවත්වන ලෙසත් එසේ නොකළහොත් නඩු මඟට බසින බවත් ප්‍රධාන පෙළේ නීතිඥවරු පිරිසක් බි්‍රතාන්‍ය අධ්‍යාපන ඇමැති Gavin Williamson ට අනතුරු අඟවති.
මහා බි්‍රතාන්‍යය පුරා Oxford එන්නත බෙදා හැරීම පටන් ගත් දිනයේම රට ලොක්ඩවුන් කළේ ඇයි දැයි ඔබට ගැටලුවක් ඇතිවිය හැකිය. ඔක්ස්ෆඩ් හා ෆයිසා එන්නත නිපදවා ඇත්තේ ගිය වසරේ මාර්තු මාසයේ පැමිණි මුල්ම කොරෝනාවෙන් බේරීමටය.
කෙන්ට් කොරෝනාව හෝ ද. අප්‍රිකා කොරෝනාව සුව කිරීමට මේ එන්නත් සමත් වේ දැයි කවුරුවත් තවමත් පරීක්‍ෂානුකූලව නිගමනයකට එළැඹ නැත. එනිසා මේ කොරෝනා ප්‍රභේද සියල්ලෙන්ම බේරීමට දැනට ඇති හොඳම ක්‍රමය රට ලොක්ඩවුන් කොට ජනතාව ගෙවල්වලට හිර කර තැබීම යැයි බි්‍රතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් තීරණය කොට ඇත.
එසේම බොහෝ දෙනා සිතන්නේ පළමුවන එන්නත ලැබූ වහාම කොරෝනා රෝගයෙන් ඔවුන්ට බේරිය හැකිය කියාය. මෙය ඉතා වැරදි මතයකි.
කොරෝනා මර්දනය සඳහා ශරීරයට ප්‍රතිශක්තිකරණ ශක්තිය ලැබෙන්නේ එන්නත ලබා සති තුනකට පසුය. එනිසා බි්‍රතාන්‍ය පුරවැසියන්ට එන්නත විශාල වශයෙන් ලබාදෙන ඉදිරි සති කිහිපය තුළත් ඔවුනට කොරෝනාව වැලඳිය හැකිය.
එනිසා ඉදිරියේදීත් කොරෝනාවෙන් බේරී සිටීම සඳහා සමාජ දුරස්ථභාවය ඇතුළු සියලුම ලොක්ඩවුන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බව රජය ජනතාවගෙන් බැගෑපත්ව ඉල්ලා සිටී.
ඔක්ස්ෆඩ් එන්නත රට පුරා බෙදද්දීත් බි්‍රතාන්‍යය නැවත ලොක්ඩවුන් කිරීමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ (covid + idiots) කෝවිඩියට් ස් (covidiot) නමින් හඳුන්වන කොරෝනා මොට්ටයන් රට පුරා සිටින නිසාය.
දෙසැ: 31දා අලුත් අවුරුද්ද සැමරීමට පොලිසියේ අවවාද නොතකා පිට්ටනි හා එළිමහන් තැන්වල තරුණ පිරිස් දහස් ගණනින් උත්සව සම්භාෂණ පැවැත් වූහ. හිත මිතුරන් හොර රහසින් රෑට තම ගෙවල්වලට ගෙන්වමින් හොර රහසේ ඩිනර් පාටි දැම්මෝය.
මෙය කෙන්ට් කොරෝනා ප්‍රභේදය ශීඝ්‍රයෙන්ම මුළු රට පුරාම පැතිරයෑමට හේතුවිය. ඒ නිසා දැන් බි්‍රතාන්‍ය රජය ලොක්ඩවුන් නීති තව තවත් තද කිරීමට යයි. රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කෙන්ට් කොරෝනා ප්‍රභේදයට හොඳටම බය වී ඇති රජය දැනට බලපැවැත්වෙන මීටර දෙකේ සමාජ දුරස්ථ නීතිය මීටර 3 දක්වා දීර්ඝ කළ යුතු දැයි සාකච්ඡා කරමින් සිටී.
සෞඛ්‍ය නීති කඩ කරමින් කලහකාරී ලෙස හැසිරෙන කොවිඩ් මොට්ටයන්ට වරකට පවුම් 200 රු. 47,000ක් ඔවුනට හොර රහසේ පාටි දැමීමට ඉඩ දෙන හෝටල් හා අනෙකුත් ආයතනවලට පවුම් 10000ක් හෙවත් රු. ලක්‍ෂ 23 බැගින් දඩ ගසනු ලැබේ. දැනටමත් හෝටල් බාර් හා ආපනශාලා 1400ක් මෙසේ අධික ලෙස දඩ කා තිබේ.
පෙබරවාරි ඉවර වීමට පෙර බි්‍රතාන්‍යයේ පුරවැසියන් මිලියන 13කට එන්නත ලබාදීමට රජය බලාපොරොත්තු වෙයි. නමුත් බි්‍රතාන්‍යයේ වැඩිහිටියන් සියලුම දෙනාට Oxfard හෝ ෆයිසා එන්නත් ලබාදී ඉවර කළ හැක්කේ මැයි මාසයේදී බව ප්‍රධාන වෛද්‍ය නිලධාරීහු පවසති.
බි්‍රතාන්‍යය වැනි දියුණු රටකට මුළු රටේම පුරවැසියන් එන්නත් කිරීමට තව මාස ගණනක් ගතවේ නම් ශ්‍රී ලංකාව ගැන මොන කතාද?
“අපිට එන්නත ලැබුණොත් මෙයාලට තමයි අපි ඉස්සෙල්ලම දෙන්නේ, ඊගාවට අරයලට දෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙච්චර එන්නත් ගාණක් අපිට නිකං දෙන්න පුළුවන්. ඉතිරි ටික ගන්න අපි ලෝක බැංකුවෙන් ණයක් ගන්නවා”
කියමින් සමහර දේශපාලන නායකයන් කරන ප්‍රකාශ නිකම් ජනතාව සැනසීමට දෙන වොයිස් කට්ය. ඔක්ස්ෆර්ඩ් හෝ ෆයිසා එන්නත ලබා ගැනීම සඳහා ලංකා රජයට තවමත් විධිමත් වැඩපිළිවෙළක් නැත.
අර රටේ අගමැතිවරයාට මේ රටේ ජනාධිපතිවරයාට ලියුම් ලිව්වට අපිට එන්නත ලැබෙන්නේ නැත. එන්නත ලබාගත හැක්කේ ඒවා නිපදවන සමාගම් සමඟ ගිවිසුම් අස්සන් කොට මුදල් ගෙවීමෙන් පමණයි.
බි්‍රතාන්‍යයේ ජනගහනය මිලියන 65කි. නමුත් රජය විසින් දැනටමත් ඔක්ස්ෆර්ඩ් හා ෆයිසා එන්නත් මිලියන එකසිය තිහක් ඇණවුම් කර තිබේ. එන්නත් විදීමේදී අපතේ යන හා ශීතකරණවල ෙදාස් නිසා විනාශ වන එන්නත් ප්‍රමාණයටත් සරිලන සේ මෙසේ අති විශාල එන්නත් අතිරික්තයක් බි්‍රතාන්‍යය ඇණවුම් කොට තිබේ.
මැයි මාසේ ඉවර වන විට බි්‍රතාන්‍යයේ සියලුම පුරවැසියන්ට එන්නත් ලබාදී අවසන් වුවහොත් ඉතිරි වන එන්නත් මිලියන ගණන දැනට පෝලිමේ අන්තිමටම සිටින තුන්වැනි ලෝකයේ රටවලට නොමිලේ පරිත්‍යාග කළ යුතු යැයි Canterbury අගරදගුරුතුමා හා ඉහළ පෙළේ කාදිනල් වහන්සේලා අගමැති බොරිස් ජොන්සන් මහතාගෙන් ඉල්ලා සිටිති.
බි්‍රතාන්‍යයේ මෙන්ම ශ්‍රී ලංකාවේද කෙන්ට් කොරෝනාව ළැව් ගින්නක් මෙන් පැතිර යන්නට ගත වන්නේ තව සති දෙක තුනක් වැනි සුළු කාලයක් බව කිසිවකු අමතක කළ යුතු නැත. කෙන්ට් කොරෝනාව වැල¾දුණහොත් කොතරම් වේදනාවක් හා දුකක් විඳින්නට සිදුවේද යන්න මම අත්දැකීමෙන් දනිමි.
ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන
ලන්ඩන් නුවර සිට ලියයි.
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...