ටික්ටොක් වීඩියෝවක් රූගත කරන අතරතුරදී දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත් වූ තරුණයෙකු ගැන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම පුවත වාර්තා වන්නේ පාකිස්ථානයෙන්. ඉස්ලාමාබාද් අගනුවර අසළ රාවල්පින්ඩි නගරයේ පසුගිය සිකුරාදා දිනයේ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හම්සා නවීඩ් නම් 18 හැවිරිදි තරුණයෙක්.
ඔහුව බේරා ගැනීමට පිරිසක් දිව ගිය නමුත්, තරුණයා ඒ වන විටත් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙනත් රටවල මෙන්ම පාකිස්ථානයේ ද සෙල්ෆි ගැනීම හා වීඩියෝ සෑදීම බෙහෙවින් ජනප්‍රියයි.
කෙසේ වෙතත් එය අවදානම් සහගත ලෙස සිදු කිරීම ගැන, පොලිස් නිළධාරින් අනතුරු අඟවනවා.
