ගණිකා ජාවාරමක ආසන්නම කතාව පසුගියදා අසන්නට ලැබුණේ රත්තනපු දිසාවේ කුරුවිට පොලිසියෙන්... කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලස් පරීක්ෂක තිලක් රත්නායක මහතාට පසුගියදා රහසිගත තොරතුරක් ලැබුණා.
"සර් කුරුවිට සැලුන් එකක ගණිකා ජාවාරමක් සිද්ධ වෙනවා. මේ සැලෝන් එකට ඊයේ පෙරේදා ඉඳලා ලස්සන කෙල්ලෝ දෙන්නෙක් ඇවිල්ල ඉන්නවා. මේ දෙන්නා සල්ලිවලට විකුණන්නේ සැලෝන් අයිතිකාරයා.."
පොලිසිය අදාළ සැලෝන් එක ගැන කළ විමර්ශනයේදී මේ ජාවාරම මෙහෙයවනු ලබන්නේ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා කපිල බවත් ඔහු ඒ සඳහා දෙවැනියෙක්ද සම්බන්ධ කරගෙන සිටින බවත් තහවුරු වුනා.
දුරකථනයෙන් කපිලට ලැබෙන ඇණවුම් කළමණාකාරණය කරන්නේ දෙවැනියා වන වෙනුර යි.
"චීෆ් මෙතන ඉන්න කෙල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ වයස අවුරුදු 23යි. අනිත් කෙල්ලට 22යි. බිස්නස් එක කරන්නේ සැලෝන් එකේ ඕනර් කපිල. බිස්නස් එක යන්නේ ෆෝන් එකෙන්. කෙල්ලෝ දෙන්නා සැලෝන් එකට ඇවිත් දවස් පහයි.."
මෙහි එක් කාන්තාවක් සමඟ පැයක කාලයක් ගත කිරීම සඳහා ගැනුම්කරුවෙකු කපිලට ගෙවිය යුතු මුදල රුපියල් අට දහසක්. ඉන් රුපියල් තුන්දහසක් ලබා ගන්නා කපිල කාන්තාවට ගෙවන මුදල රුපියල් පන්දහසක්.
තමන් නැවති සිටින ස්ථානවල සිට දිනපතා උදෑසන අදාළ සැලෝනය වෙත පැමිණෙන යුවතියන් දෙදෙනා බිස්නස් එකක් එනතුරු එහි රැඳී සිටිනවා. එහි සේවිකාවන් මෙන් ඔවුන් එහි රැඳෙනවා. කපිල අමතන ගැණුම්කරුවෝ කුරුවිට මලව ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයකට ගොස් කාමර වෙන්කර ගෙන ඒ බව කපිලට දැනුම් දිය යුතුයි.
ඉන් අනතුරුව කපිල කරන්නේ ගැණුම්කරු ලබා දුන් තොරතුරු සත්‍ය දැයි නිකේතනයේ කළමණාකාරු අමතා විමසීමයි..
අදාළ නිවාඩු නිකේතනයෙන් පිළිතුරු ලද වහාම ක්‍රියාත්මක වෙන කපිල එක් කාන්තාවක් ත්‍රීරෝදයේ නංවාගෙන එහි ගොස් ගැණුම්කරුට ඇය බාරදී ඔහු දෙන රුපියල් 8000 මුදල රැගෙන නැවත සැලෝන් එකටම පැමිණෙනවා.
මේ සියලු තොරතුරු අනාවරණය කරගත් පොලිස් නිළධරින් ගණිකාවන් දෙදෙනා සහා ජාවාරම්කරු අල්ලා ගැනීමට සැලසුම් සකස් කළා.
ව්‍යාපාරිකයන් මෙන් වෙස්වලාගත් පොලිස් නිළධාරින් දෙදෙනෙකු ගැණුම්කරුවන් ලෙස ඉදිරිපත් වුණා.
"මල්ලි මටයි මගේ යාලුවටයි අද ගර්ල්ස්ලා දෙන්නෙක් ඕනේ.. කොහොමද මිල ගණන්..?"
"සර් නියම කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නටම දාසය දහක් දෙන්න..."
"ඕකේ මල්ලි අපි කොහේටද එන්න ඕනේ.."
"සර් ඔයයි යාලුවයි කුරුවිට මලවේ හෝටලේට එන්න. ඒකට ගිහින් කාමර දෙකක් බුක් කරගන්න. එතකොටම මට හෝටලෙන් මැසේජ් එකක් එනවා. මම කෙල්ලෝ දෙන්නා අරන් එන්නම්.."
ඒ අනුවන තරුණියන් දෙදෙනා රැගත් කපිල හෝටලයට පැමිණියා. අනතුරුව ඔවුන් දෙදෙනාව වෙස් ගත් පොලිස් නිළධාරින් සිටි කාමරවලට යොමු කෙරුණා.
උපාය දූතයෝ කතුන්ට මුදල් ගෙවන මොහොතේම එහි කඩා වැදුනු ස්ථානාධිපති ඇතුළු පිරිස කතුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා.
නිවාඩු නිකේතනයේ කළමණාකරු පැන ගිය අතර කපිල ද අත්අඩංගුවට ගත්තා.
අත්අඩංගුවට ගත් කතුන් දෙන්නා නිවිතිගල හා මහියංගනයේ පදිංචිකරුවන්. නිවිතගල කත එක්දරු මවක්. සැමියා නොසළකන නිසා ජීවත්වීම පිණිස මේ මඟට යොමු වූ බවයි ඇය කීවේ.
මහියංගණේ පදිංචිකාරිය පොලිසිය කීවේ තමන්ගේ මව පියා හෝ කිසිවෙකු නොමැති බවයි. ආච්චි සමඟ දිවි ගෙවන තමන්ව මේ සඳහා යෙදුවේ කපිල බවයි ඇය කීවේ.
මේ කතුන් දෙදෙනා කොළඹ සම්බාහන මධ්‍යස්ථානයක සේවය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වුණා.
ගණිකාවන් තම සැලූනයේ තබා ගතහොත් ඔවුන්ගෙන් දෛනිකව හොඳ ආදායමක් උපයා ගත හැකි බව කපිලට දැනුම් දී තිබුණේ ඔහුගේ මිතුරන්.
ඇතැම් දිනවලදී මේ දෙදෙනා රුපියල් විසිදහසත්, තිස් දහසත් අතර මුදල් හම්බකරගෙන ඇති බවද සඳහන්.
අමල් රණබාහු විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
