මහමඟ අනතුරකට ලක්ව තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරෙකුට පිහිට වන්නට ආ වෛද්‍යවරයෙකු පිළිබඳව සංවේදී පුවතක් මුහුණු පොතෙන් අපිට හමුවුණා.
මේ ඒ ගැන තරුණයෙක් මුහුණු පොතේ ලියූ සටහනයි...
-මනුස්සකමට යට වූ වේදනාව-
දිනය- 2021-01-28
වේලාව-දහවල් 01ට පමණ
ස්ථානය -හෝමාගම ගලවිලවත්ත
සිද්ධිය-ඉතා වේගයෙන් පැමිණි තීවිල් රථයක් වේගය පාලනය කරගත නොහැකිව පෙරලී යාම සහ එම රථයේ රියදුරු බරපතල බාහිර තුවාල ලැබීම.
-සිද්ධිය වී විනාඩියක් වත් යාමට මත්තෙන් එම මොහොතේ පාරේ ගමන් කරමින් තිබූ BMW වර්ගයේ රථයෙන් බැස පැමිණියේ දොස්තර මහත්මයෙකි.
ඔහුගේ අත රාජකාරි වෙද නලාවද තිබූ අතර ,
එතුමා හදිසි රාජකාරියක් සදහා මාතර ගොස් නැවත පැමිණීමේදී මෙම සිද්ධිය දැක බරපතල තුවාල සිදු වී තිබූ රෝගියාට හදිසි පුතිකාර ලබා දී ඔහුගේ මනස සන්සුන් කර ඉදිරි පුතිකාර සදහා රෝහල වෙත යොමු කරන ලදී.
නමක් ගමක් නොදන්නවා මුත්,
මෙවන් මනුස්සකමින් පිරිපුන් සංවේදී හදවත් ඇති දෙවිවරු වන් දොස්තර මහත්වරුන් දේශයේ පිනට පහල වූ අයවලුන්මය
-උපුටා ගැනීමක්-



