728x90 AdSpace

Latest News
Tuesday, 19 January 2021

පරෙවියන් දෙනවැයි රවටා 8 හැවිරිදි දරුවකු රැගෙන ගොස් අතවර කළ තරුණයෝ !

මිත්තණීය සෙවණේ හැදී වැඩුණු වයස අවුරුදු 8ක පිරිමි ළමයකුට බරපතළ ලිංගික අපයෝජනය කළ බව කියන තරුණයන් හත්දෙනකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. මෙම අත්අඩංගුවට ගත් තරුණයන් වයස අවුරුදු 16, 17 හා 18 වයස්වල පසුවන්නන් වන අතර, අතවරයට පත් පිරිමි ළමයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.   
අතවරයට පත් අට හැවිරිදි දරුවාගේ පියා වෙනත් විවාහයක් කරගෙන වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින අතර, මව විදේශගතව සිටින බව පොලිසිය කියයි.  මිත්තනිය සහ සීයා සෙවණේ සිටින මෙම දරුවාට සැකකරුවන් අතර සිටින තරුණයකු මීට දින කිහිපයකට ඉහත දී පරවීයකු ලබා දී රවටාගෙන අසල පාළු නිවසකට ගොස් ලිංගික අතවර කර ඇති අතර, එය දැනගත් ඔහුගේ මිතුරන් එම දරුවාට පරවියන් ලබාදුන්න බවට බොරු පොරොන්දු දී වරින් වර එම නිවසට රැගෙන ගොස් අතවර කර ඇති බව දරුවාගේ සීයා සිදු කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

පොරොන්දු වූ පරිදි පරවියන් නොදීම හේතුවෙන් අතවරයට පත් දරුවා ඒ බව සීයාට පැවසීමෙන් අනතුරුව එම සීයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර තරුණයන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට ගත් තරුණයන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


-බිමල් ශ්‍යාමන් ජයසිංහ-
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පරෙවියන් දෙනවැයි රවටා 8 හැවිරිදි දරුවකු රැගෙන ගොස් අතවර කළ තරුණයෝ ! Rating: 5 Reviewed By: lakmina