728x90 AdSpace

Latest News
Wednesday, 20 January 2021

වසර දෙකක් තිස්සේ තම ලෙයින් උපන් දියණිය කෙලෙසු නරුම පියාගේ කැරැට්ටුව එලියට ආ හැටි

කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි තිදෙරු පියෙකු තම වැඩිමහල් දියණිය වූ 14 හැවිරිදි පාසල් දැරියව වසර දෙකක් තිස්සේ අතවර කර ඇති බවට අනාවරණය වෙනවා. ඒ පිලිබඳ පොලිසියට ලද තොරතුරක් මත සැකකාර පියාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා. 

2018 වර්ෂයේ මල්වර වූ දියණියට සෙනෙහස පෙන්වමින් ඇයව දිගින් දිගටම අතවර කර ඇති අතර පොලිසියට ලැබුණු තොරතුරක් මත එම දියණිය හා සැකකාර පුද්ගලයාගේ බිරිඳ (අතවරයට ලක් වූ දියණියගේ මව ) පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීමේදී ඒ බව තහවුරු කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ පිළිබඳව පොලිස් නිලධාරියෙක් සඳහන් කරමින් කියා සිටියේ මෙවැනි කතාවක්,

"මේ දරුවා පියා අතවර කරන බවට ඇයගේ මවට පවසා තිබෙනවා. නමුත් එය තහවුරු කරගන්නකල් දරුවාගේ මව සෝදිසියෙන් ඉදලා පොලිසියට ඇවිත් මිට පෙර පැමිණිල්ලක් දාලා තියෙනවා. පසුගිය 12දා දරුවා පන්ති භාර ගුරුතුමියට ඒ ගැන පවසලා. ඇය කිව්වලු පොලිසියෙන් ඇහුවොත් විතරක් කියන්න කියලා. මේ සැකකාර පුද්ගලයා ඔහුගේ බිරිඳට නිතරම පහර දෙන නිසා මේ දරුවා බයෙන් ඉදලා ඉවසාගන්නම බැරි තැන තමයි ගුරුවරියට හා මවට කියලා තියෙන්නේ. ගුරුවරිය ඒ ගැන සැලකිලිමත් වෙලා නැහැ. ඒ වගේ නොසැලකිලිමත්ව හැසිරීම එපා කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම දරුවාගෙන් ප්‍රශ්න කරද්දී තවත් අනාවරණයක් කරගන්න පුළුවන් වුනා. ඒ ගැන දැන්ම කියන්න බැහැ, දරුවා පැවසුවා ගෙදර ආරක්ෂාවක් නැති නිසා නැවත ගෙදර යන්න බැහැ කියලා. ඒ නිසා පරීක්ෂණවලින් අනතුරුව ඇයව ආරක්‍ෂිත තැනකට යොමු කරනවා. මේ වෙද්දී සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට අද ඉදිරිපත් කළා. ඇයට බාල ගැහැණු දරුවන් දෙන්නෙක් ඉන්නවා. මේ දරුවා ඉගෙනීමට දක්ෂ දරුවෙක්. මේ වෙද්දී ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. ඒ දරුවාගේ මවගෙන් ප්‍රශ්න කරද්දී ප්‍රකාශයක් දුන්නා දිනක් සැකකාර පුද්ගලයා ඇය සමඟින් තරහ වෙලා ගෙදරින් යනවා කියලා ගිහින් හොරෙන් දුවගේ කාමරේ ඇදයට නිදාගෙන හිටියා කියලත්. මෙහි තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා..."
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: වසර දෙකක් තිස්සේ තම ලෙයින් උපන් දියණිය කෙලෙසු නරුම පියාගේ කැරැට්ටුව එලියට ආ හැටි Rating: 5 Reviewed By: lakmina