ගැහැණු දරුවන් පස් දෙනෙකුට හිමිකම් කියූ සමලිංගික යුවළක් ගැන අපූරූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
39 හැවිරිදි හෙදර් ලැන්ග්ලි හා 35 හැවිරිදි ප්‍රිස්කිලා රොඩ්‍රිගුස් නම් මේ යුවළගේ දරු ප්‍රසූතිය විනාඩි තුනකටත් අඩු කාලයකදී සිදු වූ බවයි ඩේලිමේල් සඳහන් කරන්නේ.
හෙදර් සති හයක ගැබිනියක් වූ පසු සිදු කරනු ලැබූ පරීක්ෂණවලින් තමන්ට ලැබෙන්නේ ගැහැනු දරුවන් බව ඇය දැනගෙන තිබුණා.
"මුලදි වෛද‍්‍යවරුන්ට කියන්න පුළුවන් වුනේ දරුවෝ හතර දෙනෙකු ගැන පමණයි. නමුත් පසුව ඔවුන් පස්වැනියාව හොයාගත්තා.."
හෙදර්ට දරු ප්‍රසූතිය සිදු කිරීමට වෙනත් පුරුෂයෙකුගෙන් ලබාගත් ධාතු උපකාර වුනු අතර IUI ආධාරයෙන් ඇගේ ගර්භාෂයේ ඒවා තැන්පත් කර තිබෙනවා.
ඔවුන් මීට පෙරද මෙම ක්‍රමය භාවිතයෙන් දියණියක් බිහිකර තිබුණා. ඒ මීට වසර කිහිපයකට පෙරදී යි.
"පළමු දියණිය ලැබීමෙන් පසු අපි හිතුවා තව පාරක් උත්සහා කරලා බැලුවොත් හොඳයි කියලා.." හෙදර් දැන් එහෙම කියනවා.
Dailymail ඇසුරිනි..




