මීරිගම නගරයේ පිහිටි රූපාලාවන්‍යාගාරයකදී හුස්ම ගැනීමේ අපහසුතාවට පත්වූ එහි හිමිකාරිය සහ සේවිකාවන් දෙනෙකුත්, පහසුකම් ලබා ගැනීමට පැමිණි කාන්තාවන් දෙදෙනකුත් ඇතුළු කාන්තාවන් 05දෙනකු ඊයේ (15 දා) සවස මීරිගම රෝහලට ඇතුළත් කළ බව මීරිගම පොලිසිය පවසයි.
විදුලිය නොමැතිවීම හේතුවෙන් විදුලිජනක යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමෙන් අනතුරුව කැරකිල්ල සහ වමනය යෑම ඇතුළු රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් රෝහල් ගත කෙරුණු එම කාන්තාවන් 05 දෙනාගේ අසනීප තත්ත්වය බැරෑරුම් නොමැති බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය. මීරිගම පොලිසිය සහ මීරිගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් විමර්ශන සිදු කරයි.
මිනුවන්ගොඩ ටෝනි කරුණානායක
