728x90 AdSpace

Latest News
Sunday, 17 January 2021

ඩයනා කුමරියගේ පියානෝ වාදනයක් හදිසියේ මතු වෙයි

“වේල්සයේ රෝස කුසුම” විරුදාවලිය ලත් ඩයනා කුමරියගේ සංගීත වාදන හැකියාව පෙන්නුම් කරන වීඩියෝවක් හේතුවෙන් මේ දිනවල ඇයගේ රසිකයින් මවිතයට පත්ව ඇත.
 1988 වසරේ දී ඩයනා – චාල්ස් කුමරු රාජකීය යුවළගේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් මෑතකදී සොයාගත් දර්ශන වලදී, අභාවප්‍රාප්ත ඩයනා කුමරිය මෙල්බර්න් හි වික්ටෝරියානු කලා විද්‍යාලයට ගිය අවස්ථාවේ දී පියානෝ වාදනයක් ඉදිරිපත් කරන අවස්ථාවක් දැකගත හැකිය. කෙසේ නමුත් ඇය වාදනය කරන පියානෝව නිවැරදිව දර්ශනය නොවේ.
 
ඩයනා කුමරිය, සිසු සිසුවියන්, කාර්ය මණ්ඩලය සහ ඡායාරූප ශිල්පීන්ගෙන් පිරුණු විශාල ශ්‍රවණාගාරයේ පියානෝව පිටුපස මෙහිදී අසුන් ගන්නේ ඇගේ සුදු අර්ධ රවුම් හැඩැති පසුම්බිය බිමට දමමින්ය. එවකට මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ සංගීත මහාචාර්ය හෙන්රි ටූසෝ ද ඇය අසල සිටියි.
 
එවකට 26 හැවිරිදි කුමරිය වාදනය සිදු කරන අතරම ඇය ලැජ්ජාශීලීව ඇගේ කුඩා ප්‍රසංගය හදිසියේම අවසන් කර ඇය පලා යාමට උත්සාහ කළත්, මහාචාර්ය ටූසෝ ඇගේ කම්මුලට හාදුවක් දෙනු ලබේ.
 
ට්විටර් භාවිතා කරන්නන් ඩයනා කුමරියගේ විස්මිත සංගීත කුසලතාවන් ගැන කතා කරමින් මෑතකදී යළිත් මතුවූ මෙම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරන අයුරු දැකගත හැකිය.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඩයනා කුමරියගේ පියානෝ වාදනයක් හදිසියේ මතු වෙයි Rating: 5 Reviewed By: lakmina