ඉතියෝපියානු ආරක්ෂක භටයෙකු තමන්ව සිය පවුලෙන් වෙන් කර කැලයකට ගෙන ගොස් වේදනාකාරී තෝරා ගැනීමක් කරන ලෙසට බල කළ බව ටයිග්‍රේ කලාපයේ තරුණ කෝපි අලෙවි කරන්නියක රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
"එයා මට කිව්වා: "'උඹව මරන්න ද? ලිංගික අපයෝජනය කරන්න ද? කැමති දේ තෝරා ගනින් කියලා," 25 හැවිරිදි ඇය මේ බව පැවසුවේ සරණාගත කඳවුරකදීය.
සරණාගත කඳවුරේදී ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ, දෙසැම්බර් මාසයේදී කඳවුරට පැමිණි ඇයට ගැබ් ගැනීම වැළැක්වීම සඳහා ඖෂධ ලබා දුන් බවය.
ඊට අමතරව, ඇයගේ මානසික ස්ථාවරභාවය පවත්වාගෙන යාම සඳහා මනෝචිකිත්සකවරයෙකු වෙත යොමු කළ බව ද ඔහු පැවසීය.
අදාළ ආරක්ෂක භටයා ඇයට ගිනිඅවිය පෙන්වා තර්ජනය කර ලිංගිකව අපයෝජනය කර ඇතැයි තහවුරු වී තිබේ.
වෛද්‍යවරුන් පවසන්නේ, ඉතියෝපියාවේ යුද්ධ පැවැත්වෙන වත්මන් කාල සීමාවේ මෙවැනි සිද්ධි බහුලව වාර්තා වන බවය.
කුමුදු ජයවර්ධන
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පත..
