ජනප්‍රිය නළු, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පොරොන්දු වූ අයුරින් ම අසරණ වූ කලාකරුවන්ට මුදල් ආධාර ලබා දීමේ කටයුත්ත මේ වන විට ආරම්භ කොට තිබේ.
ඒ සඳහා ජනප්‍රිය නිලි දිල්හානි ඒකනායක මහත්මිය සිය ශ්‍රමදායකත්වය ස්වෙච්ඡාවෙන් ලබා දීමට ඉදිරිපත්ව සිටී.
මුල් අවස්ථාවේදී අසරණභාවයට පත් වැඩිහිටි හා රෝගී තත්ත්වයට පත් කලාකරුවන්ට මෙම මූල්‍යමය ආධාර ලබාදීමට රංජන් රාමනායක මහතා බලාපොරොත්තු වෙයි.
ඒ සඳහා වූ නාම ලේඛනය දිල්හානි ඒකනායක මහත්මිය විසින් සකස් කොට තිබෙන අතර එය අදාල කලා කරුවන්ගේ ගරුත්වය රැකීම උදෙසා ප්‍රසිද්ධ නොකරන බව ද රාමනායක මහතා පෙන්වා දෙයි.
අදාල කලාකරුවන්ගේ ගිණුම් වලට එම මුදල් බැර කිරීමෙන් එහි විනිවිදභාවයක් පෙනෙන්නට තිබෙන බව ඒකනායක මහත්මිය සඳහන් කරයි.
අවශ්‍යතා ඇති කලාකරුවන්ට මුදල් ආධාර ලබා දීමේ කටයුත්තේ ආරම්භක අවස්ථාවට රංජන් රාමනායක මහතා මෙන්ම ප්‍රියංකර පෙරේරා මහතා සහ දිල්හානි ඒකනායක මහත්මිය සහභාගි විය.
එම කලාකරුවන්ට මුදල් ආධාර ලබාදීමේ පළමු පියවර අද (08) ආරම්භ කරන බව රාමනායක මහතා මෙන්ම ඒකනායක මහත්මිය ද පෙන්වා දෙයි.
