728x90 AdSpace

Latest News
Saturday, 9 January 2021

අනියම් සැමියාව නිවසටම ගෙන්වා ගත් කාන්තාවක්, මහරෑ නටන්න හදපු නාඩගම, සැමියාගේ අතටම මාට්ටු වෙලා වෙච්ච වැඩේ !

බල්ලකුගේ වැඩක් නිසා සිය බිරියගේ අනියම් සැමියා නියම සැමියාට අතේ මාට්ටු වූ පුවතක් දකුණේ දුෂ්කර ගමකින් වාර්තා වේ.
 
පෞද්ගලික ආයතනයක සේවය කරන ආරක්ෂක නිලධාරියෙකි. ගමටම කිට්ටු නගරයේ පෞද්ගලික ආයතනයක මුරකාවලේ යෙදී සිටී.

ඔහුගේ බිරිය දෙදරු මවකි. දෙදරු මවක් වුවද ඇයගේ රූප සොභාව අඩුවක් නොවූ නිසාම අහල පහළ නොවුණත් ගමේම ගැටවරයෙකුගේ ඇස ගැටුණි.
 
එහි ප්‍රතිඵලයක් ලෙස දෙන්නා අතර අනියම් සම්බන්ධයක් ගොඩ නැගිණි.
 
සිය සැමියා රාත්‍රියේ පෞද්ගලික ආයතනයකට ආරක්ෂාව දෙන අතරෙ දී ඇය තමා ආරක්ෂා කර ගැනීමට අනියම් සැමියා රාත්‍රියේ දී නිවසට ගෙන්වා ගත්තාය.
 
කාලයක් තිස්සේ සිටම මේ හුටපටය ඇයගේ සැමියාට අසුනොවී පවත්වාගෙන යාමට දෙන්නාම සමත් වූහ. ඒ හොඳ සංඥා ක්‍රමයක් අනුගමනය කරන නිසාවෙනි. නිවසට හෝ ඇයට දුරකතන පහසුකම් නොමැති බැවින් මේ සංඥාව ඉතාම හොඳට වැඩ කළේය.
 
සැමියා රාත්‍රියේ නිවසේ සිටීනම් නිවසේ දොරකඩ ඇය දෙපයේ දාගෙන යන හම් පාවහන් යුගලම තිබුණේය. සැමියා රාත්‍රියේ නැත්නම් පාවහන් යුවළෙන් තිබුණේ එක් පාවහනයකි.
 
සිය අනියම් බිරියගේ සැමියා එදින හවස්වරුවේ සේවයට යනු දුටු ඔහු වෙනදාමෙන් එදින රාත්‍රියේත් මේ නිවසට පැමිණීමට ගියේය. ඇයගේ සැමියා නිවසේ නැති බවට දොරකොඩ පාවහන් සංකේතයෙන් අවබෝධකරගත් ඔහු වෙනදා මෙන් සිහින් හඬින් ඇයගේ නම කියා නිවසේ ඉදිරි පස දොරට ඉතා මටසිලු‍ටුවට තට්ටු කළේය.
 
එදින හවස්වරුවේ රාත්‍රී සේවය කිරීමට ගිය ඇයගේ සැමියා රාත්‍රියේම ආපසු නිවසට පැමිණ තිබුණේ හවස ඔහුගේ උගුර රිදීම, කැස්ස හා සියුම් උණක් ඇතුළු කොරෝනා රෝග ලක්ෂණ පෙන් වූ නිසා ආයතනයෙන් නිවාඩු ලබාදීමත් සමගමය. මේ සමගම ක්‍රියාත්මක වූ ඔහුගේ භාර්යාව සිය සැමියා අද රාත්‍රියේ නිවසේ බව ඇඟවීමට සිය පාවහන් යුගලම දොරකඩ ළඟ තැබීමට ද අමතක නොකළාය.
 
මේ නිසා සිය අනියම් සැමියා මේ සංඥාව බලා වෙනදාමෙන් තමන්ගේ දොරට තට්ටු නොකරනු ඇතැයි දැඩි විශ්වාසයක් තිබූ නිසාත් ඔහුගේ පැමිණීම අපේක්ෂා නොකළ නිසාත් එදින රාත්‍රියේ ඇයට හොඳට නින්න ද ගොස් තිබිණි.
 
අසනීප තත්ත්වයෙන් සිටි ඇයගේ සැමියාට එදා රාත්‍රියේ නින්ද නොගොස් තිබුණි. සිය බිරියගේ නම කියා මහ රෑ දොරට තට්ටු කරන පුද්ගලයා කවුරුන්දැයි කියා දැන ගන්නකම් ඉස්පාසුවක් නැතිව සිටි ඔහු බොහෝම සීරුමාරුවට විදුලි පන්දමත් ගෙන සිය නිවසේ පිටුපස දොර ශබ්දයක් නොනගින අයුරින් විවෘත කොට ගෙන ශබ්දයක් නොනගින සේ ඉබි ගමනින් නිවස ඉදිරිපසට ගොස් දොරට තට්ටු කරන පුද්ගලයා දෙසට ඉලක්ක කොට විදුලි පන්දම දැල්ලු‍වේය. පුද්ගලයා හඳුනා ගත්තද පණ කඩාගෙන දිව් නිසා ඔහු අල්ලා ගැනීමට ඔහුට පුළුවන් කමක් නොවිණ.
 
සිය බිරියගේ හොරේ අසුවී මහ රෑම ඇයට හොඳටම තඩි බෑ ඔහු මේ සිද්ධිය පොලීසියට ද ගෙන ගියේය.
 
අනුන්ගේ හොර වැඩ ඔවුන්ගේ කටේ දමා අල්ලා ගැනීමේ ශූරයකු වූ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා මේ ආරක්ෂක නිලධාරියාගේ පැමිණිල්ලට අනුව ඔහුගේ බිරියත් ගමේ ගැටවරයාත් අතර අනියම් සම්බන්ධයක් කාලයක් තිස්සේ සිටම තිබූ බව අනාවරණය කර ගත්තේය.
 
''වෙනදා රාත්‍රියේ සැමියා නැති බව දැනගෙන නිවසට පනින තමා එදා රෑ කොටුවුණේ කෙසේදැ''යි පොලිස් පරීක්ෂකවරයා ගැටවරයාගෙන් ඇසුවේ ඒ පිළිබඳව තිබූ කුකුස නිසාමය.
 
''අනේ සර් සැමියා ගෙදර ඉන්නවානම් ගෙදර දොරකඩ ළඟ එයාගේ සෙරෙප්පු දෙකම තියෙනවා. සැමියා නැත්නම් එක සෙරෙප්පුවයි තියෙන්නේ. එදා රෑ තිබුණේ එක සෙරෙප්පුවයි. ඒ සංඥාව අනුව තමයි එදා ගියේ...''
 
මේ සම්බන්ධයෙන් ගැටවරයාගේ අනියම් බිරියගෙන් ඇසූ විට පොලිසිය හමුවේ කියා සිටියේ සෙරෙප්පු දෙකෙන් එකක් බල්ලෙකු ඇදගෙන ගිහින් කාලා මිදුලේ දාලා තිබුණු බවය. බල්ලාට සම්මානයක් දිය යුතු බව කී පොලිසියේ නිලධාරියා නොමනා වැඩවලින් වැළකී සිටින්නැයි කාන්තාවට උපදෙස් දුන්නේය.
 
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්..
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අනියම් සැමියාව නිවසටම ගෙන්වා ගත් කාන්තාවක්, මහරෑ නටන්න හදපු නාඩගම, සැමියාගේ අතටම මාට්ටු වෙලා වෙච්ච වැඩේ ! Rating: 5 Reviewed By: lakmina