728x90 AdSpace

Latest News
Saturday, 16 January 2021

බෙල්ලන්විල පන්සලේ බල්ලෝ හැට හැත්තෑවක් – සැප වාහනවල යන නෝනලා,මහත්වරු බල්ලො ගෙනත් දානවා !

‘‘බෙල්ලන්විල පන්සලේ බල්ලෝ හැට හැත්තෑවක් විතර ඉන්නවා. මේ සත්තු ඔක්කොම කරුණාවන්තයෝ දාලා ගිය සත්තු. කොහොම හරි පන්සලට වන්දනාමාන කරන්න එන සැදැහැවතුන් දවසකට දෙන්නෙක් තුන්දෙනෙක්ව බල්ලො කෑවා කියලා පැමිණිලි ලැබෙනවාමයි’’ යැයි බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ 12 වැනිදා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

මෙහිදී තවදුරටත් කතා කළ ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමිපාණෝ මෙසේ ද කියා සිටියහ.

“දැන් මේ වෙනකොට පන්සලේ ඉන්න බල්ලො ප‍්‍රමාණය සෑහෙන වැඩියි. දැනට බල්ලො හැට හැත්තෑවක් විතර ඉන්නවා. මේ සියලූම බල්ලො අපි ගෙනාපු සතුන් නොවෙයි. මේ ඔක්කොම කරුණාවන්තයෝ පන්සලට ගෙනත් දාලා ගිය අය. මේ ඉන්න කිසිම බල්ලෙකුට අපි කිසිම හිරිහැරයක් කරන්නේ නැහැ. හිරිහැර කරලත් නැහැ. ආහාර තියෙන ප‍්‍රමාණයට හැමදාම මේ සතුන්ට මම කෑම දෙනවා.

ගෙවල්වල බල්ලෝ බොහොම ආදරෙන් හදනවා. නමුත් ඒ සත්තු එපා වුණාම පන්සලට ගෙනැල්ලා අතහැරලා යනවා. හොඳ සැප පහසු වාහනවල යන නෝනලා මහත්වරු තමයි මේ බල්ලෝ පන්සලට ගෙනල්ලා දාලා යන්නේ.

දැන් පොහොය දිනයක් ගත්තාම මිනිසුන් බොහෝ පිරිසක් සිල් ගන්න පන්සලට එනවා. සිල් ගන්න ආපු ඇත්තො ධර්ම ශාලාවේ වැඩි වෙලා ඉන්නකොට ඒ මැද්දේ පන්සලේ බල්ලෝ ටික ඇවිත් වාඩි වෙනවා. ධර්ම ශාලාවේ මේ සත්තු ටික වාඩි වුණාම ඒ සත්තු එලවන්න ගිහින් හපා කාපු වෙලාවලූත් තිබුණා.

මේ බල්ලන්ට කරුණාව දක්වනවා කියන එක බොහොම එහා ගිය ලෙන්ගතු කාරණාවක්. මේ සියලූම සතුන්ට අපි කරුණාව දක්වනවා. සත්ව කරුණාව තියෙන අය තමයි මේ අහිංසක සතුන්ව පන්සලට ගෙනැල්ලා අතහැරලා යන්නේ..

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය සහ ඥානතිස්ස ජයවර්ධන

උපුටා ගැනීම : දිවයින
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: බෙල්ලන්විල පන්සලේ බල්ලෝ හැට හැත්තෑවක් – සැප වාහනවල යන නෝනලා,මහත්වරු බල්ලො ගෙනත් දානවා ! Rating: 5 Reviewed By: lakmina