728x90 AdSpace

Latest News
Friday, 8 January 2021

අලුත් අවුරුදු උදාවටත් කලින්ම, සුරූපී ගුවන් සේවිකාවක්, අමානුෂික ලෙස දූෂණය කොට මරා දැමූ, පාපතරයින් කිහිප දෙනෙකුගේ නරුම ක්‍රියාව - (video)

පිලිපීනියේ සුරූපී ගුවන් සේවිකාවක් සමූහ දූෂණයට ලක් කොට මරා දැමූ අතිශය සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
ඇගේ සිරුර නාන තටාකයේ තිබී හමුව ඇති බවයි සඳහන් වන්නේ.

ඇය ඇගේ පෙම්වතා සමඟ සිටින සීසීටීවී දර්ශන පෙළකුත් මේ වන විට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.
 
23 හැවිරිදි ක්‍රිස්ටීන් ඇන්ජලිකා ඩසෙරා දූෂණයට ලක්වූ දිනයේ සිය මිත්‍රයන් සමඟ විනෝද වෙමිනුයි සිට ඇත්තේ.
 
ඇය දූෂණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බවයි ඩේලිමේල් සඳහන් කරන්නේ.
 
එක් සැකකරුවෙක් තමන් "සමලිංගිකයෙකු" බව කියමින් නිර්දෝශී බව කියන්නට උත්සහා කර ඇති බව ද වාර්තා වනවා.
 
ක්‍රිස්ටීන් නම් මේ තරුණිය හෝටල් කාමරයක් තුළදී සමූහ දූෂණයට ලක්ව ඇති බවට පොලිසියට සාක්ෂි හමුවී තිබෙනවා.
 
ඇයව ජනවාරි පළමුවැනි දින රෝහලට ඇතුළත් කර ඇති බව ද සඳහන්.
 
23 හැවිරිදි තරුණියගේ රහස් ප්‍රදේශයේ ශුක්‍රාණු සොයාගෙන ඇති බවත්, පොලිස් නිළධාරියෙකු පැවසුවා. හෝටල් කාමරයේ විවිධ ස්ථාන-වලින් ශුක්‍රාණු සොයාගෙන ඇති බව ද වාර්තා වනවා.
 
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තිදෙනෙකු නිදහස් කර තිබෙනවා.
 
මෙය ස්ත්‍රී දූෂණයක් හා මිනීමැරුමක් නම් තවත් සාක්ෂි අවශ්‍ය බවයි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් සඳහන් කරන්නේ.
 
Dailymail ඇසුරිනි.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අලුත් අවුරුදු උදාවටත් කලින්ම, සුරූපී ගුවන් සේවිකාවක්, අමානුෂික ලෙස දූෂණය කොට මරා දැමූ, පාපතරයින් කිහිප දෙනෙකුගේ නරුම ක්‍රියාව - (video) Rating: 5 Reviewed By: lakmina